IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝක බලවතුන්ගේ විරෝධය නොතකා එ. ජා. මහලේකම් නොබැඳි සමුළුවට

16 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉරානයේ තෙහෙරාන් නුවරදී අද ආරම්භවන අතර ඊට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් ඊයේ(29) ඉරානයට පැමිණි බව එරට රජය නිවේදනය කළේය. එ.ජා මහලේකම්වරයා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ඇතුළු රාජ්‍ය නියෝජිතයන්ද හමුවීමට නියමිතය. ජනපති අහමදිනේජාද්ගේ ආරාධනාවක් පරිදි ඉරානයට පැමිණ සිටින මහලේකම්වරයා අද සහ හෙට යන දිනවලදී පැවැත්වෙන මෙම සමුළුවේ නිරීක්ෂකයකු ලෙස කටයුතු කරනු ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරන ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය මහලේකම්වරයා ඉරානයට පැමිණීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර ඇති බව වාර්තා වේ. ඉකුත් සතියේදී මේ පිළිබඳව විරෝධය පළ කළ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ මහ ලේකම්වරයා ඉරානයේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වුවහොත්, එය ඔහු විසින් සිදු කරනු ලබන බලවත් වරදක් බවයි. ගෝලීය අර්බුදයක් ලෙස මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ මානව හිමිකම් සුරැුකීම සම්බන්ධයෙන් ඉරාන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට මහලේකම්වරයා බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඊට අමතරව ත‍්‍රස්තවාදය සහ සිරියා අර්බුදය පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතය. නොබැඳි ජාතීන්ගේ සමුළුවට පලස්තීන අධිකාරිය සහ රටවල් 119 ක් අයත්ය. මෙවර සමුළුවට කියුබා ජනපති රාවුල් කස්ත්‍රෝ, ඉන්දීය අගමැති මන්මොහන් සිං සහ පාකිස්තාන අගමැති අසිෆ් අලි සර්දාරි යන රාජ්‍ය නායකයන් සහභාගී වීමට නියමිතය. ඊට අමතරව චීන සංචාරය අවසන් කළ  ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඉරානයට පැමිණීමට නියමිතය. ඒ අනුව ඊජිප්තු ජනපතිවරයකු ඉරාන සංචාරයකට එක් වනු ඇත්තේ වසර 30 කට පසුවය. ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් (වමේ) සහ එ. ජා. මහලේකම් බැන්කී මූන් (දකුණේ).



අදහස් (0)

ලෝක බලවතුන්ගේ විරෝධය නොතකා එ. ජා. මහලේකම් නොබැඳි සමුළුවට

නිශාද් ප්‍රීනා Thursday, 30 August 2012 03:44 PM

ඇමරිකාවටයි ඊශ්‍රායලයටයි ඕන විදියට කරන්න ගියොත් හොදට තියේවි.. මහලේකම් ස්වාධීනව කටයුතු කළ යුතුයි..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 August 2012 12:18 PM

දැන්වත් සෘජු තීරණයක් ගන්න මහත්තයෝ. (නි)

:       0       0

සරත් Thursday, 30 August 2012 12:41 PM

ඉරානයට ජය‍ වේවා! (නි)

:       0       0

ලාල් Thursday, 30 August 2012 05:51 PM

ඔහු මෙවන් රැස්වීම් වලට සහභාගි නොවිය යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 07:18 PM

ඔහොම හොදයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 30 August 2012 08:33 PM

මහා බලවතුන්ගේ ආධාර මත තමයි ඔය කොයි සංවිධානය වුණත් රැදිලා තියෙන්නේ. (නි)

:       0       0

රිශාන් Thursday, 30 August 2012 03:24 PM

ඉරණයට සුභ අනාගතයක්.. ඉරාණය ඉතාම උතුම්.. දෙවියන් ඔබට ආශිර්වාද කරයි ඉරාණය...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site