IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලක් නිදහස සමරා ලන්ඩනයේ පිංකම්

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුභ සාධක පදනම විසින් ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් දින සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දෙනාටත් රජයටත් සුභ පතා පිංකමක් පවත්වනු ලැබිය.

විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි, නෙපාලේ තිස්ස හිමි සහ ගලයායේ ධම්මදස්සී හිමි ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක්  පිංකම සඳහා සහභාගී වුහ.

ශ්‍රී ලංකාව විදෙස් පාලනයෙන් අත් මිදුණු 68 වසර සනිටුහන් කරමින් එම අංකයන්ගේ හැඩයට සකස් කර තිබු ඉටිපන්දම් මහා සංඝ රත්නය සහ පැමිණ සිටි සැදැහැවතුන් විසින් දල්වනු ලැබූහ.

ශ්‍රී ලංකාවාසී ජනතාව ලබාගත් නිදහස කුමක්ද යන්නත් එහි ඇති වැදගත් කම කුමක්ද යන්නත් පහදාදුන් මහින්ද හිමි අනුශාසනාව පැවැත්විය. 

ශ්‍රී ලංකාව ලැබූ නිදහස සැමරීම වෙනුවෙන් විනීතා තල්පාවිල, රුක්මනී ලියනගේ, ශ්‍රියානි විජේසුරිය, රූපා කාරියවසම් ඇතුළු සැදැහැවතුන් පිරිසක් විසින් සුදානම් කර තිබු කිරිබත් කපනු ලැබිය. මේ අවස්ථාවේ රූපා මොනරාවල ප්‍රධාන සංස්කෘතික පදනමේ ගායක කණ්ඩායම ජාතික ගීය ගායනා කළහ.

පිංකම අවසන්වූ පසු නිදහස උදාකරගැනීම සහ ඉන් පසුව අපරටේ සිදුවූ වැදගත් සිද්ධීන් පෙන්වූ වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කළේය.

tissa_201628 tissa_201628-2 tissa_201628-3 tissa201628

 



අදහස් (0)

ලක් නිදහස සමරා ලන්ඩනයේ පිංකම්

පියුමාල් Tuesday, 09 February 2016 01:10 AM

බොහොම හොඳයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site