ශ්රී ලංකාව 68 වැනි නිදහස් දිනය සමරන පෙබරවාරී 4 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්වීමට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සැරසෙයි. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප‍්‍රවීණ සංගීතඥ අමරසිරි පීරිස් යන මහත්වරු ද මෙම උත්සවයට සහභාගි වෙති.
මහාචාර්ය සුනිල් ආරියරත්න‘ නිදහස් අරගලයේ මහජන භූමිකාව‘ මැයෙන් නිදහස් සැමරුම් දේශනයක් ද අමරසිරි පීරිස් මහතා සංගීත ප‍්‍රසංගයද පවත්වන බව සංවිධායකයෝ කියති.
සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ අධ්‍යක්ෂණය කරන මෙම ප‍්‍රසංගය සමන් අතාවුදහෙට්ටි විසින් මෙහෙයවයි.
නිදහස් උත්සවය පෙබරවාරී මස 4 වැනිදා සවස 3 සිට රාත‍්‍රී 7.30 දක්වා ටෝකියෝ නුවර මිනාතෝහි රේයුකායි විහාරස්ථානයේ කොතානි ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර ලක් නිදහස් දිනය සැමරීමේ උත්සවයක් ඉතාලියේ රෝම නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එදින රාජකාරී නොකරන බවද තානාපති කාර්යාලය කියයි.
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් නිදහස ජපානයේත් ඉතාලියේත් සැමරේ