IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලක් නිදහසේ අභිමානය ලන්ඩන් නුවරටත්

ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දිනය වෙනුවෙන් සමරු උත්සව සහ පින්කම් කිහිපයක් ලන්ඩන් නුවරදී සංවිධානය කර ඇත. ඉන් පළමුවැන්න 4 වැනි බ්‍රහස්පතින්දා උදේ 9.30 ට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

වැඩබලන මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් මහ කොමසාරිස් කාර්යාල අභියසදී ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමෙන් උත්සවය ආරම්භ කෙරෙයි. එහිදී  මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළුව හින්දු, ඉස්ලාම් සහ කතෝලික පුජකවරුන් ද ශ්‍රී ලංකාවටත්, රජයටත් ජනතාවටත් සෙත් පතමින් ආගමික වතාවත් සිදුකිරීමටත් ශ්‍රී ලාංකික සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇත.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නිදහස් දිනය වෙනුවෙන් සෙත්පැතීමේ පින්කමක් 4 වෙනිදා සවස 7 ට පැවැත්වෙයි. අනතුරුව නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පෙන්වන වාර්තා චිත්‍රපටයක්ද පෙන්වීමට කටයුතු යොදා ඇත.

පෙබරවාරි 5 වැනි දින සවස ලන්ඩන් නුවර විදේශ තානාපති වරුන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් ශ්‍රී ලංකා මහ කොමසාරින් නිල නිවසේදී පැවැත්වෙයි.

විදෙස් රටවලට ශ්‍රී ලංකාවේ සංවර්ධන, අධ්‍යාපන, සෞඛ්‍ය සංචාරක වැනි විවිධ ක්ෂේත්‍රයන් සඳහා සහාය වීමේ හැකියාවන් හා අවස්ථා පිළිබඳව තානාපති වරුන් දැනුවත් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙයි.

පසුගිය ජනවාරි 30 වන සෙනසුරාදා හීත්රෝ අතුල දස්සන විහාරස්ථානය විසින් නිදහස් දිනය වෙනුවෙන් නිදහසේ අරුත විදහා දැක්වූ සිංහ 4 නමින් සංස්කෘතික උළෙලක් පවත්වනු ලැබිය.



අදහස් (0)

ලක් නිදහසේ අභිමානය ලන්ඩන් නුවරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site