IMG-LOGO

ලෝක ජනගහනයෙන් බිලියන 3 කට එන්නත් ලැබිලා

ලෝක ජනගහනයෙන් බිලියන 3 කට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ගණන මිලියන 843 ක් බවත් ඒ.එෆ්.පී. හෙවත් ප්‍රංශ පුවත් සේවය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ලෝක ජනගහනය බිලියන 7.9 කි. මේ වනවිට ලෝකයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,82,580,354 කි. මරණ වාර්තා වන්නේ 3,955,721 ක් ලෙසය. 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබූ ගණන 1,67,176,719 කි.

තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන 34,527,493 කි. සමස්ත මරණ ගණන 6,19,980 කි.

ආසාදිතයන් අතින් තවමත් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ආසාදිතයන් ගණන 30,361,699 කි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 3,98,484 කි.

ආසාදිතයන් අතින් තෙවැනි ස්ථානයේ පසුවුවත්, මරණ අතින් ඉන්දියාව අභිබවා යමින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ ගණන 5,16,119 කි. බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 18,513,305 කි.

එන්නත්කරණය අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය පවසන ආකාරයට එරට ජනගහනයෙන් සියයට 70 කට එන්නත් ලබා දී ඇත. එසේ වුවත්, මේ වනවිට ඊශ්‍රායලයෙන් ද යළි කොරෝනා ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියත් සමඟය.

මේ වනවිට ලොව බිහිසුණුම වයිරස විකෘතිය බවට 'ඩෙල්ටා' පත්වී ඇත. 'ඩෙල්ටා' වයිරස විකෘතියේ ආරම්භය ඉන්දියාවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මේ වනවිට රටවල් 85 කට වඩා වැඩි ප්‍රමාණයකට 'ඩෙල්ටා' විකෘති වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වී අවසන්ය.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලෝක ජනගහනයෙන් බිලියන 3 කට එන්නත් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 32 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 242 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site