බැංකු තැන්පතු හා රැකියාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාව මත බි‍්‍රතාන්‍යයේ සරණාගතභාවය ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබූ ශී‍්‍ර ලාංකික කාන්තාවකගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට බි‍්‍රතාන්‍යය රජය කටයුතු කර තිබේ.
මෙම කාන්තාව හා ඇයගේ සැමියා බි‍්‍රතාන්‍යයේ නොෆෝල්ක් හි ක්‍රෝමර් නම් මුහුදුබඩ නගරයක වාසය කරන අතර ඇය තමන් නැවත ශී‍්‍ර ලංකාව බලා පිටත් කර නොහරින්නයි ඉල්ලා මේ වන විට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ආගමන විගමන කටයුතු හා සරණාගතයින් සඳහා වන මණ්ඩලයකට ඇය ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ සඳහන් වන්නේ ඇය ශී‍්‍ර ලංකාවේ ජීවත්වුණු සමයේ ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් අතින් කිහිපවරක්ම දුෂණයට හා වදහිංසා වලට ලක්ව ඇති අයකු බැවින් නැවත ශී‍්‍ර ලංකාවට යෑම යනු ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවය.
තමන් නිවාස අඩස්සියේ තබාගෙන සිටි ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් තමන්ව සිගරට් කොට වලින් පුළුස්සමින් වද හිංසා පැමිණවූ බවද ඇය තම අභියාචනයේ සඳහන් කර තිබේ.
ඇයගේ සැමියා 1998 වසරේ බි‍්‍රතාන්‍යයට පැමිණියෙකි. සටන්වලට මැදිව තුවාළ ලැබූ තමා වහාම ශී‍්‍ර ලංකාව අතහැර පැමිණි බව පවසන ඔහු තම බිරිඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවත්, දියවැඩියා රෝගියෙකු වන තමාට ඇයගේ උවටැන් අත්‍යාවශ්‍යම බවත් කියයි.
අභියාචනය විමසීමේ කටයුතු ඉදිරි දිනකට කල්දැමීමට විනිසුරුවරු කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් කතගේ ඉල්ලීමට බ්‍රිතාන්‍යය කන් නොදේ