IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 5 ක හමුදා රැකවල් මැද අරාබි නායක හමුව ඉරාකයේ

දැඩි ආරක්ෂක රැකවල් මැද, අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් අරාබි සමුළුව ඊයේ (29) ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී ආරම්භ විය. සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවට ලක්ෂ පහක ආරක්ෂක බලඇණියක් බැග්ඩෑඞ් නුවරට යෙදවීමට ඉරාක බලධාරීන් කටයුතු කළ තිබුණි. නගරයේ සියලූම ජංගම දුරකතන ආයතන වසා දැමීමටත්, රාජ්‍ය නායකයන් පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමටත් ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි. මීට අමතරව නගරයේ මාර්ග රැසක් ද වසා දැමුණු අතර පැමිණි සෑම කෙනකුම සහ සෑම වාහනයක්ම සෝදිසි කෙරුණි. සමුළුව වෙනුවෙන් ඉරාක රජය, ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කර ඇතැයි ද වාර්තා වේ. සමුළුවට සහභාගී වන අරාබි රාජ්‍ය නායකයන් සමඟ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඊයේ උදෑසන බැග්ඩෑඞ් ගුවන් තොටුපොළට පැමිණියේය. සමුළුවේදී සිරියා අර්බුදයටත්, ඉරාන අර්බුදයටත් වැඩි අවධානයක් යොමු කෙරේ. මීට අමතරව ඊශ‍්‍රායල/පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වේ.



අදහස් (0)

ලක්ෂ 5 ක හමුදා රැකවල් මැද අරාබි නායක හමුව ඉරාකයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site