
රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා ගොනු කර තිබේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා (13) ට්‍රම්ප් මියාමි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු, ධවල මන්දිරයෙන් පිටවී යද්දී ට්‍රම්ප් එම රහස් ලියවිලි අනවසරයෙන් රැගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි.
2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.
එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රහස් ලියවිලි ළඟ තබා ගත්තැයි ට්‍රම්ප්ට චෝදනා