IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රාහුල් ගාන්ධි කැබිනට් ඇමැති තනතුර ප‍්‍රතික්ෂේප කරයි

ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (28) සිදු කෙරුණු අතර එහිදී රාහුල් ගාන්ධි අමාත්‍ය ධූරයක් ලබා ගැනීම නැවතත් ප‍්‍රතික්ෂේප කළ බව අගමැති මන්මොහන් සිං ප‍්‍රකාශ කළේය. අමාත්‍ය ධූරය ප‍්‍රතික්ෂේප කළ රාහුල් ගාන්ධි (42) ඉන්දීය පාලක පක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයේ මහලේකම් ධූරයේම රැුඳී සිටීමට තීරණය කර ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. ‘‘ගාන්ධිව රජයට සම්බන්ධ කර ගැනීමට මට අවශ්‍ය වුණා. ඔහුට අවශ්‍ය වුණේ පක්ෂය ශක්තිමත් කරන්න’’ යැයි ද අගමැති සිං ප‍්‍රකාශ කළේය. අගමැති මන්මොහන් සිං මේ බව කියා සිටියේ ඉන්දීය ජනපති නිවහන වන රාෂ්ට‍්‍රපති භවන්හිදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනකු දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මීළඟ ඉන්දීය මහා මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙයයි. 2009 වසරේ සිට අවස්ථා ගණනාවකදීම රාහුල් ගාන්ධිව සිය අමාත්‍ය මණ්ඩලයට එක් කර ගැනීමට අගමැති සිං ආරාධනා කළ ද ගාන්ධි ඒ සෑම අවස්ථාවකදීම එය ප‍්‍රතික්ෂේප කළේය.



අදහස් (0)

රාහුල් ගාන්ධි කැබිනට් ඇමැති තනතුර ප‍්‍රතික්ෂේප කරයි

හේරත් Monday, 29 October 2012 04:50 PM

අනේ මට දෙන්නකෝ. (නි)

:       0       0

ඉනෝකා Monday, 29 October 2012 07:12 PM

සල්ලිවලට පක්ෂය මාරුකරමින්, ඇමතිකම් ගැනීම වෙනුවෙන් තම ජාතිය ආත්මය පාවාදෙන අපේ රටේ සිටින දේශපාලකයන්ට නම් මෙය මෝඩකමක් විය හැකියි. (නි)

:       0       0

kumara Monday, 29 October 2012 08:18 PM

අමතිවරයකුට වඩා පාලක පක්ෂයේ ලේකම් කම හොඳ ඇති. (අ)

:       0       0

කොස්වත්ත Thursday, 01 November 2012 05:25 PM

මේවා දකිනකොට අපිට අපි ගැන ලොකු දුකක් දැනෙනවා (නි)

:       0       0

ලලිත් Monday, 29 October 2012 02:58 PM

අපේ අයට ඇමතිකමක් දෙන්න එන්න කිවුවොත් කොහොමට තියෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 689 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17831 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site