
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව විරෝධතාවකට එක්වුණු කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොංග්‍රස් පක්ෂයයි. පක්ෂ සාමාජිකයන් එක් වී මෝදිගේ රජය විවේචනය කරමින් ඊට විරෝධය පළ කළේ නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ රජයේ අමත්‍යාංශ පිහිටි රාජ්පාත් ප්‍රදේශයේ මාර්ග අවහිර කරමිණි.
විරෝධතාවට හේතු වූයේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් යළිත් වරක් රාහුල්ගේ මව මෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකාව ද වන සෝනියා ගාන්ධි ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයට කැඳවා ප්‍රශ්න කරද්දීය.
සෝනියා ගාන්ධිට පමණක් නොව, රාහුල් ගාන්ධිට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ.
ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත්, එහි රජ්ජුරුවෝ නරේන්ද්‍ර මෝදි බවත් පවසමින්, රාහුල් ගාන්ධි සිය පක්ෂ නියෝජිතයන් සහ ආධාරකරුවන් මාර්ග හරස් කරමින් විරෝධතා පවත්වද්දී පොලිසිය ඔවුන් ට හරස් විය.
රාහුල් ගාන්ධි පමණක් නොව, කොංග්‍රස් පක්ෂ නියෝජිතයන් කීප දෙනකු ද පොලිස් අත්අඩංගුවට පත් වුණු බව වාර්තා විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාහුල් ගාන්ධි අත්අඩංගුවට