
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ජාතික ඉන්දියා සන්ධානය විරෝධතා පාගමන් දෙකක් සංවිධානය කර තිබුණි. එහිදී දෙපිරිසම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී යම් කළහකාරී තත්ත්වයක් නිර්මාණය විය.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ පියගැටපෙළ මතදී රාහුල් ගාන්ධී විසින් භාරතීය ජනතා පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු තල්ලු කළ බවත්, එහිදී අදාළ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරයෙකු මතට ඇද වැටී ඇති බවත් වාර්තා වේ. එම මන්ත්‍රීවරුන් දෙදෙනා, විපක්ෂ නායකවරයාට එරෙහිව, පොලිස් පැමිණිල්ලක් ගොනු කර, රෝහල් ගතවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරුන් එම විරෝධතාවන්හී නිරත වූයේ, ඉන්දියාවේ පළමු අධිකරණ අමාත්‍යවරයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ආචාර්ය බී ආර් අම්බෙද්කාර්ට එරෙහිව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කළ ප්‍රකාශයක් මුල් කරගනිමින්ය.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාහුල් ගාන්ධිට පැමිණිල්ලක්