IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රාහුල්ගේ අභියාචනාව අද

ගුජරාට ප්‍රාන්තයේ සුරාට් අධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනා කිරීම සඳහා කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි අද (3) ගුජරාට් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

“හොරු සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” මැතිවරණ රැළියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කර ඇත.

එම නඩුව විභාගයට ගනිමින් රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කර ඇති බව තීන්දු කළ සුරාට් අධිකරණය වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් එය දින 30 කාලයක් අත් හිටුවා ඇප ලබා දුන්නේය.
ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙසේ දඬුවම දවස් 30 ක කාලයක් අත්හිටුවන ලදී.

රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රස් පක්ෂය පාලනය කරනු ලබන ප්‍රාන්ත තුනේ මහ ඇමති වරුන් අභියාචනා කිරීම සඳහා අධිකරණයට පැමිණෙන විට රාහුල් ගාන්ධි සමඟ පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අභියාචනය විභාග කර අවසන් වන තෙක් අධිකරණ නියෝගය අත්හිටුවන ස්ථාවර නියෝගයක් ලැබ ගැනීමට රාහුල් ගාන්ධි බලාපොරොත්තු වන බවත් අධිකරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් ගුජරාට අධිකරණය ලබාදුන් හොත් ඉන් ඉන්දීය මහජන නියෝජන පනතේ 8 වැනි වගන්තිය උල්ලංඝනය වීම වැළැක්වෙන නිසා අහෝසි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටද රාහුල් ගාන්ධිට අවස්ථාවක් තිබෙන බවත් කොංග්‍රස් පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රාහුල්ගේ අභියාචනාව අද

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19900 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 509 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site