
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය.
ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ බිරිඳ සයිරා බානුගේ නීතීඥවරයා යුවලගේ දිස්කසාදයට අදාල නිල ලියකියවිලි මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය.
යුවළ දික්කසාද වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත්, නිල ලියවිලි ලැබෙනතුරු එ් බව ප්‍රසිද්ධියට පත් නොකළ බවත් පැවැසෙයි.
ඒ.ආර්. රහ්මාන් සහ බිරිඳ සයිරා බානු විවාහ වූයේ 1995 වසරේදීය. යුවලට කතිජා, රහීමා සහ අමීන් යනුවෙන් දරුවෝ තිදෙනෙකි.
වසර 29 ක විවාහ දිවිය අවසන් කිරීමට යුවල තීරණය කළ බව නීතීඥ වන්දනා ෂා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. එම විවාහය ඒ.ආර්. රහ්මාන්ගේ මවගේ කැමැත්ත මත ඇය විසින් තීන්දු කරන ලද්දක් බව ද පැවැසෙයි.
ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටතම සංගීතඥයකු ලෙස රහ්මාන් සැලකෙයි. සංගීතඥයකු පමණක් නොව, රහ්මාන් ගායකයකු, ගීත රචකයකු, ගී තැටි නිෂ්පාදකයකු ද වෙයි. සමාජ සේවාවල නියැලෙන රහ්මාන් ධානපතියකු ලෙස ද ප්‍රකටය.
1967 වසරේ ජනවාරි 6 වැනිදා රහ්මාන් උපන්නේ දිලීප් කුමාර් යන නමිනි. පසුව ඒ.ආර්. රහ්මාන් හෙවත් අල්ලාහ් රක්ඛා රහ්මාන් ලෙස නම වෙනස් කර ගැනුණි.
ඉන්දීය සිනමාවේ, විශේෂයෙන් දෙමළ සහ හින්දි සිනමාවේ රහ්මාන්ගේ සංගීතයෙන් හැඩවුණු සිනමා නිර්මාණ දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී ඇත.
රහ්මාන් ද දෙස් විදෙස් සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වූ අයෙකි. ඉන්දියානු සිවිල් වැසියකුට හිමිවන ඉහළම සම්මාන ලෙස පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මානවලින් ද රහ්මාන් පිදුම් ලබා ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රහ්මාන් යුග දිවියට සමුදෙයි