IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රස්සාවට හිරේ යයි

ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෝල්ටර් උන්ඛෙහන් (73) සිරෙන් නිදහස් වූයේ පසුගිය 2011 වසරේදීය. ඒ බැංකුවක් කොල්ලකෑමේ චෝදනාවකට වරදකරු වී අවුරුදු 10 ක් සිරබත් කෑමෙන් පසුවය.

නිදහස් වූ දා පටන් නොයෙකුත් රැකියා සොයමින් ජීවිතය සරිකර ගැනීමට වෝල්ටර් උත්සාහ කළද මහලූ වියේ පසුවන ඔහුට රැකියා   දීමට කිසිවෙකුත් කැමැති වූයේ නැත.

සිරේදී ගත කළ ජීවිතය නිදහස්ව ගතකරනා මේ ජීවිතයට වඩා දහස් වාරයක් අගනේයැයි ඔහුගේ සිතට නැගුණු වාර අනන්තය. ‘නිදහස්ව‘ ජීවත් වීමට බැරි තැන නැවත සිරගත වීමට වෝල්ටර් තීරණය කරන්නේ කිසිත් කර ගත නොහැකි වූ තැනය.

සියල්ල සැළැසුම් කර ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකා ඇතැයි බලධාරීන්ට පණිවුඩයක් ලැඛෙන්නේ මේ අතරවාරයේදීය.වහා එතැනට යන ඔවුහු ආරක්ෂක කැමරා පට නිරීක්ෂණය කිරීම ආරම්භ කරන්නේ සොරා කවර තරාතිරමක පුද්ගලයෙකුදැයි දැනැගැනීම පිණිසය.ඔවුන් අපේක්ෂා කළ පරිදි මුහුණ වසා ගත් මැරවර පෙනුමින් යුත් පුද්ගලයෙකු වෙනුවට කැමරා පට වල සටහන්ව තිබූයේ තට්ටය පෑදුණු මහලූ වයසේ පුද්ගලයෙකු සිය කබාය අස්සේ සගවාගෙන සිටි රිවෝල්වරයක් පෙන්වා බැංකු සේවකයන් බිය කර මුදල් ලබා ගන්නා ආකාරයයි.මේ ‘සොරා‘ අඩුගණනේ මුහුණ ආවරණය වන පරිදි වෙස්මුහුණක්වත් පැළැද සිටියේ නැත.

මෙනිසා සොරා   අත්අඩංගුවට ගැනීමට බළධාරීන්ට ගතවනුයේ පැය කිහිපයකි.සොරා කවුරුත් හොදින් හදුනන වෝල්ටර්ය.ප්‍රශ්න කිරීම් හමුවේදී වෝල්ටර් පවසා ඇත්තේ පිටත නිදහස් ජීවිතයට වඩා තමන් සිරගෙදර ජීවිතය ප්‍රිය කරන බවයි.තමන් මරණයට පත් වන තුරු සිරගෙදර සිටිීමේ අරමුණින් මේ සොරකම සිදුකළ බව ඔහු කියා ඇත.වෝල්ටර්ට එරෙහිව චෝදනා ගොනු කරන බළධාරීන් පවසන්නේ වැරදිකරු වුවහොත් වෝල්ටර්ට වසර 20 කවත් සිර දඩුවමක් ලැඛෙනු ඇති බවයි.

 



අදහස් (0)

රස්සාවට හිරේ යයි

දිසානායක Monday, 18 February 2013 10:56 AM

අපේ සීයට පෙන්නන්න නරකයි මේ ප්‍රවෘත්තිය. (ස)

:       0       0

තිලක් Sunday, 17 February 2013 09:28 PM

අපේ අයටත් ඔය ක්‍රමයට ජීවිතය ගැටගහගන්න පුලුවන් වගෙයි.(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 10:33 PM

නුපුරුදු දීගයට වඩා පුරුදු කනවැද්දුම් කම හොදයි කිව්වලු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site