IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියා හැකරා ප්‍රංශයට පනී

ටීවී5 මොන්ඩ් ප්‍රංශ රූපවාහිනී ජාලයට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියා හැකර්කරුවන්ගේ ක්‍රියාවක් බවට එරට පොලිසිය විශ්වාස කරතියි බීබීසී පුවත් සේවය කියයි.

ඉස්ලාම් ආගමිකයන් නියෝජනය කරන ජිහාඩ් ත්‍රස්තවාදීහු ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කර සිටිති.

ප්‍රංශ මාධ්‍යයට අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ඒපීටී28 නමැති රුසියා හැකර් කණ්ඩායමක් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බව වාර්තාවේ. ඒපීටී 28 කණ්ඩායම මීට පෙර ඇමරිකාවේ ධවල මන්දිරයේ කටයුතු හැක් කිරීමට උත්සාහ කර ඇතැයිද වාර්තාවේ.

නේටෝ සාමාජිකයන්ගේ පරිගණක පද්ධතිය ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල වී ඇති අතර රුසියා විරුද්ධවාදීන් හා යුක්රේන ක්‍රියාකාරීන් මෙයට සම්බන්ධව ඇතැයි පුවත්පත් වාර්තා කියයි.

සයිබර් ප්‍රහාරය සඳහා යොදාගත් පරිගණකවල අයිපී අංක සොයා පරීක්ෂණ දියත්වී ඇතැයි අධිකරණ ආරංචි පවසයි.

ප්‍රහාරයෙන් පසුව එම රූපවාහිනී ජාලය පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කරන අතර ඔවුන් එය හඳුන්වා ඇත්තේ රූපවාහිනී ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් ලෙසයි.

ඉස්ලාම් රාජ්‍යයන්ගෙන් ඉවත්වී සිටින ලෙස ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මගින් ප්‍රංශ යුද භටයන්ට අනතුරු ඇඟවීමටද ක්‍රියා කර ඇත.

අයි එස් සටන්කාමීන්ට එරෙහිව ක්‍රියාත්මක ප්‍රංශ භටයන්ගේ හැඳුනුම්පත් ඇතුළත් වාර්තා පවා ප්‍රසිද්ධියට පත් කිරීමට හැකර්කරුවන් ක්‍රියා කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.



අදහස් (0)

රුසියා හැකරා ප්‍රංශයට පනී

දුමින්ද Thursday, 11 June 2015 04:41 PM

තුන්වන ලෝක යුද්ධයේ අලුත් පෙරමුණ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site