IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියා අභ්‍යාවකාශ ගමන් අනතුරක ?

රුසියාව විසින් පසුගිය සෙනසුරාදා  මැක්සිකන් චන්ද්‍රිකාව සහිතව ගුවන් ගතකල රොකට්ටුව නිසිපරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉතාමත් ඉක්මනින්ම සයිබීරියානු ගුවන් තලයේදී ගිනිගෙන විනාශවනු ඇතැයි රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.

පසුගිය සෙනසුරාදා උදෑසන කසකස්තානයේදී ගුවන් ගතකරණ ලද පෝර්ටොන් - එම් නැමැති  බඩු බාහිරාදිය රැගෙන යන රොකට්ටුව එය ගුවන් ගත කර පළමු මිනිත්තුවේදීම කැඩීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පසුගිය මාස කීපයේදී රුසියානු අභ්‍යවකාශ වැඩසටහන මෙවැනි අකරතැබ්බයන් ගණනාවකින් අපහසුතාවයට පත්ව තිබේ. මීට කලින් පලවු වාර්තා මගින් කියැවුනේ රොකට්ටුව සයිබිරියාවේදී කඩා වැටුනු බවයි.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගන ගාමින් තිදෙනා නැවත පෘථිවිය වෙත රැගෙන ඒම පසුගිය අඟහරුවාදා රුසියාව විසින් ප්‍රමාද කරණු ලැබීය. මිනිසුන් රහිතව බඩු බාහිරාදිය රැගෙන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්තානය වෙත ගමන් කරමින්  තිබු යානය අනතුරක් හේතුවෙන් නැවත පෘථිවි වායුගෝලයට ඇතුලත් වීමේදී ගිනිගෙන විනාශ වි යාම ඊට හේතුවිය. යානය විනාශ වූයේ අප්‍රේල් 28 දින දී ය.

අභ්‍යාවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් රුසියාව විසින් ලබාගෙන තිබු කීර්තිනාමය මෙම සිද්ධි සමගම පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම අනතුර ගැන රුසියානු ජනාධිපති පුටින් ද දැනුවත් ව ඇති බව ඔහුගේ ප්‍රකාශක ඩිමේට්රි පෙස්කෝ පැවසීය.

බටහිර සහ ආසියාවේ වාණිජ චන්ද්‍රිකා ගුවන් ගත කිරීමෙන් රුසියාව අති විශාල විදේශ විනිමයක් දැනටමත් උපයයි.



අදහස් (0)

රුසියා අභ්‍යාවකාශ ගමන් අනතුරක ?

දිසානායක Monday, 18 May 2015 09:49 PM

මේවා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ, අපේ ඇමතිතුමා කියනවා වගේ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 18 May 2015 12:12 PM

වැරදීම් කා හටත් සිදු වනවා, මේකත් ඒවාගේ වුන දෙයක්, වෙරදීම් තුලින් ඉදිරියට බොහෝ දේවල් නිවැරදි කර ගන්නට පුළුවන්. (ර)

:       0       0

අමරවීර Tuesday, 19 May 2015 02:57 AM

චීනය සතු ප්‍රධාන අයිසී එක නිසා චීනා විසින් බිමට වට්ටනවා වෙන්න බැරිකමකුත් නැහැ (නි)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 08:24 AM

කාගේ හෝ කඩාකප්පල්කාරී වැඩක්වද්ද? (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 19 May 2015 02:30 PM

අපිත් යැව්වා නේද එකක්. ඒක කොහෙද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 18 May 2015 04:59 PM

කවුද දැන් මේකට වගකිවයුත්තේ? (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 18 May 2015 06:31 PM

අපරාදේ! අපේ අරයා ලවා මොනවාහරි කරන්න තිබුණා කලින් කිව්වා නම්.දැන් පරක්කු වැඩිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site