IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රුසියා අගමැති ඝාතන තැත වරදී

රුසියා අගමැති ව්ලැඩිමීර් පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ පෙරේදා (27) සමත් විය. අගමැතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළේ චෙච්නියා බෙඳුම්වාදී සටන්කාමී කණ්ඩායමක් යැයි රුසියානු ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් අගමැතිවරයා ගමන් ගන්නා මාර්ගයක බෝම්බ අටවා ඒවා පුපුරුවා හැරීමට සූදානමින් සිටි බවත් බුද්ධි අංශ ලබා දුන් තොරතුරුවලට අනුව වහා කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් එම බෝම්බ සොයා ගත් බවත් වාර්තා වේ. සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන අතර  අගමැතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. සෙනසුරාදා (3) වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අගමැති පුටින්ට  විරෝධය පළ කරමින් විපක්ෂ කණ්ඩායම් රුසියාවේ නගර රැසක විරෝධතා පවත් වන අතර පුටින්ට පක්ෂව ද ජනරැලි පැවැත්වේ. ඉකුත් දෙසැම්බර් මාසයේ දී රුසියාවේ පැවැති මහ මැතිවරණය දූෂිත එකක් බවට විපක්ෂ කි‍්‍රයාකාරීහු අගමැති පුටින්ට චෝදනා කරති. කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ ඇතැම් බටහිර රටවල් පවසන්නේ පෙරේදා සිදුවූවා යැයි පැවසෙන එම ඝාතන සිද්ධිය අගමැති පුටින් සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ පක්ෂය, ජනපි‍්‍රයත්වය ලබා ගැනීමේ අරමුණින් ගොතන ලද බොරුවක් බවය.  ප‍්‍රතිවාදී කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ එම ඝාතන සැලැස්ම ජනපති ධුරයට පත් වන්න පුටින් සහ ඔහුගේ පක්ෂය කළ පුංචි උපපර වැට්ටියක් බවය.



අදහස් (0)

රුසියා අගමැති ඝාතන තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10691 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site