රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රික්ටර් මාපකාංක 7.7 ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. 
භූ කම්පනය ඇති වූ විගස ශාන්තිකර කලාපයේ කොටස්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීහූ කටයුතු කළහ. කෙසේ නමුත් ඊට ස්වල්ප වේලාවකට පසු අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට ශාන්තිකර කලාපීය සුනාමි අනතුර ඇඟවීම් මධ්‍යස්ථානය කටයතු කළේය.
එමෙන්ම හවායි වෙත තර්ජනයක් නොමැති බවත් ශාන්තිකාර කලාපයට විනාශකාරී සුනාමි රළ ඇති නොවන බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ආසන්නයේ පිහිටි වෙරළතීරවලට ඉදිරි පැය කිහිපයේදී සුළු රළ වැඩිවීමක් සිදුවිය හැකි බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මුහුදු රළ අඩියක උසට වඩා වැඩි නොවන බව ද රුසියාවේ සිට හවායි දක්වා වෙරළ තීරවලට එම රළ බලපා හැකි බව ද එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූමිකම්පාව හටගෙන ඇත්තේ රුසියාවේ නිකෝල්ස්කී නැගෙනහිර, ගිනිකොන දෙසට කිලෝමීටර 199ක් දුරින් වන අතර එහි අපකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 11.7ක් යැයි ද පැවසේ.
ඒ.එෆ්.පී 055
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූමිකම්පාවක්