
රුසියානු ‘නෝර් ඩ් ස්ටී්‍රම්’ ගෑස් නල පද්ධතියට හානි කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් රුසියාවේ ඉල්ලීම පරදි කැඳවා තිබේ.
රුසියාවේ සිට යුරෝපය බලා දිව යන ‘නෝර් ඩ් ස්ටී්‍රම්’ එක ගෑස් නල වලට හානි වීම හේතුවෙන් බෝල්ටික් මුහුදට ගෑස් කාන්දු වී තිබේ.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රංශය සභාපතිත්වය දරන අතර රුසියාව සහ යුරෝපීය හවුල්කරුවන් ඩොලර් බිලියන ගණනක් වැය ‘නෝර් ඩ් ස්ටී්‍රම්’ එක සහ දෙක ගෑස් නල වලට සිතාමතා හානි කිරීම සම්බන්ධව හෙට(30) පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරනු ඇතැයි ප්‍රංශය ප්‍රකාශ කළේය.
නල දෙකේ සිදු වූ කඩා කප්පල්කාරී ක්‍රියා හේතුවෙන් බලශක්ති වෙළඳපොලේ අවුල් සහගත තත්ත්වයක් ඇති වූ අතර ආරක්ෂාව තර කිරීම සම්බන්ධවද අවධානය යොමු විය.
ඉකුත් අඟහරුවාදා බෝල්ටික් මුහුදු පතුලේ නෝර් ඩ් ‘නෝර් ඩ් ස්ටී්‍රම්’ 1 ගෑස් නලයේ පිපිරීමක් සිදු වූ අතර ඒ හේතුවෙන් රුසියාවේ සිට ජර් මනිය බලා දිවයන ප්‍රධාන මාර් ගය වසා දැමුණි. පහසුවෙන් වසා දැමුනත් නැවත විවෘත කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව පැවසෙයි.
නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය මෙම සිද්ධිය හෙළා දකිමින් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසමින් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවට අනතුරු ඇඟ වූවත් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන්දැයි පවසා නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
474
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි