IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියාව ඇමෙරිකන් ගගනගාමියා එක්කගෙන ඇවිල්ලා

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ රුසියාව අතර එදිරිවාදිකම් පැවැතියත්, අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ඇමෙරිකන් නාසා ගගනගාමී මාක් වොන්දේ ආපසු පොළොවට රැගෙන ඒමට රුසියාව කටයුතු කළේය. ඒ, රුසියාවේ ‘සෝයූස්’ ගගන කැප්සියුලයෙනි.

නාසා ගගනගාමී මාක් වොන්දේ සමඟ රුසියන් ගගනගාමීන් වන ඇන්තොන් සැක්පර්ලෝව් සහ යොත්‍රෙ ඩුව්රෝව් ද ‘සෝයූස්’ ෂටලයෙන් ආපසු පෘථිවියට පැමිණියහ. රුසියාවේ වේලාවන් උදේ 7.28 ට පමණය. ෂටලයට සුපුරුදු පරිදි කසක්ස්තානයට ගොඩබෑවේය. මාක් වොන්දේ නාසා ආයතනයේ නිලධාරීන් සමඟ ආපසු ඇමෙරිකාව බලපා පැමිණියේය. 55 හැවිරිදි මාක් වොන්දේ දින 355 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. ඒ වැඩිම දින ගණනක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ගගනගාමියා ලෙස වාර්තාවක් ද තබමිනි.

අතීතයේ අභ්‍යවකාශ කටයුතුවලදී රුසියාවත් ඇමෙරිකාවත් එදිරිවාදිකම් පසෙකළා එක්වී කටයුතු කළේය. දේශපාලනය අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ නොවිණි. කෙසේ නමුත් පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ එම කටයුතු අඩපණ විය. ඒ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට පැනැවූ සම්බාධක හේතුවෙනි.

රුසියානු අභ්‍යවකාශ ආයතනය වන ‘රොස්කොස්මොස්’ සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය අඟහරු මෙහෙයුමකට සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර, එම මෙහෙයුම ද සම්පූර්ණයෙන් නැවැත්වීමට යුරෝපා රටවල් තීරණය කර තිබේ. ඒ රුසියාවට විරෝධය දක්වමිනි.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව ඇමෙරිකන් ගගනගාමියා එක්කගෙන ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site