IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියාව අභ්‍යවකාශ නැවැතුම්පොළන් ඉවත් වීමට සූදානම්

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන දිනය තීරණය කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට අවුරුද්දකට පෙර එහි හවුල්කරුවන් දැනුවත් කළ යුතු අතර,  ‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්මොස්’ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවය.

එම සම්මුඛ සාකච්ඡාවේදී  රුසියානු බලධාරීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් ඉවත් වන දින වකවානු තීරණය කර අවසන් වූවත් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි යැයි ද පවසා තිබේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිදු කරන මෙහෙයුම් පිළිබඳ තීරණය කරනු ලබන්නේ රුසියානු රජය සහ ජනාධිපතිවරයා බවත්, 2024 තෙක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම්වල නියැළීමට රොස්කොස්මොස් ආයතනයට අවසර ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඉතිරි කාලය තුළ තමන්ගේම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ආරම්භ කිරීමේ සැලැසුම් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ‘රොස්කොස්මොස්’ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව අභ්‍යවකාශ නැවැතුම්පොළන් ඉවත් වීමට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site