
උතුරු කොරියාව ‘අවුස්සමින්’ කොරියානු අර්ධද්වීපය අස්ථාවර කිරීමට, ඇමෙරිකාව උත්සාහ ගන්නවා යැයි රුසියාව සහ චීනය ඇමෙරිකාවට චෝදනා නගයි.
ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට සූදානම් විය. ඒ, මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වමිනි. කෙසේ නමුත්, රුසියාවත් චීනයත් එක්වී ඔවුන් සතු නිෂේධ බලය භාවිත කරමින් ඊට එරෙහි විය.
ඇමෙරිකාව, රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ය. මේ අතර, ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව උනන්දුවක් නොදක්වන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.
බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීය. ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවීම් ද පැවැත්විණි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් වුවත්, ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් න්‍යෂ්ටික අවිහරණයක් සිදුනොවිණි.
ට්‍රම්ප්ගෙන් පසු ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද අවස්ථා ගණනාවකදී උතුරු කොරියාව සමඟ සාකච්ඡා පවත්වා යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වී තිබේ.
මේ වනවිට උතුරු කොරියාව යළිත් වරක් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඇමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ උතුරු කොරියාව දිගින් දිගටමිහිතුවක්කාර’ අන්දමින් කටයුතු කරන්නේ නම්, එරටට එරෙහිව දැඩි පියවර ගැනීමට තමන් පසුබට නොවන බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් චීනයෙන් ඇමෙරිකාවට චෝදනා