රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසියන් ආමන්ත්‍රණය කරමින් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සංවිධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කළ බැවිනි.
‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ ව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංවිධානයයි.
මේ අතර, 2023 නව වසර උදා වී පැය කීපයක් ගතවෙද්දී රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරටත් සෙසු ප්‍රධාන නගරවලටත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. කීව් අගනුවරට මිසයිල එල්ල වූයේ 2023 නව වසර උදා වී මිනිත්තු 30 ක් යද්දීය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් හමුදා පරද්දනවා