රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සය මසක් ගත වූවත් තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් පළුදු වූ සබඳතා අලුත්වැඩියා කර ගනිමින් එකමුතු වූ නේටෝ සංවිධානය රුසියාවේ බලශක්ති නිෂ්පාදන වර්ජනය කිරීමටත් යුක්රේනයට මූල්‍ය සහාය ලබා දීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ සමීපතමයන්ට සම්බාධක පැනවීමටත් එකඟ වූ බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.
ආහාර මිල ඉහළ යාම,තම නිවෙස් උණුසුම්ව තබා ගැනීමට අවශ්‍ය බලශක්තිය සීමා වීම සහ ආර්ථික අවපාතයක් ඇති වීමට ඉඩ තිබීම හේතුවෙන් යුරෝපයට අඳුරු ශීත සෘතුවක් එළඹෙන බැවින් මෙම එකමුතුකම දිගටම පවත්වා ගැනීමට යුරෝපා නායකයින්ට හැකි වේ දැයි ප්‍රශ්නයක් මතු වී තිබෙන බව සී.එන්.එන් පුවත් සේවය පැහැදිලි කළේය.
යුරෝපය රුසියානු බොර තෙල් මත යැපීමට පුරුදු වී සිටි බවත් 2021 වසරේ යුරෝපය දිනකට රුසියානු බොරතෙල් බැරල් මිලියන 2.2 ආනයනය කළ බවත් සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.අවසානයක් නොපෙනෙන යුද්ධයකට අවි ආයුධ ලබා දීම යනු දීර්ඝ කාලීන ප්‍රශ්නයකට ලබා දෙන කෙටි කාලීන විසඳුමක් බව විශ්ලේෂකයෝ පවසති.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක්
ganegoda Monday, 22 August 2022 03:23 PM
නේටෝ, තියන තාක්කල් මේ යුද්ධය ඉවර වෙන්නෙත් නෑ...!!!
ජොරාMonday, 22 August 2022 09:07 PM
නේටෝ නෙමෙයි යුක්‍රේන සෙලෙන්ස්කි කවටයාගේ පුහු උද්දච්ච කම තියෙනකම් යුද්දෙ ඉවර වෙන්නෙ නෑ