දරුවන් 10 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සියින රුසියන් මවුවරුන්, ‘වීර මාතා’ යන ගෞරව නාමයෙන් හැඳින්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ.
එසේ දරුවන් 10 ට වැඩිය සිටින රුසියන් මවුවරුන්ට ‘වීර මාතා’ ගෞරව නායම පමණක් නොව, රුසියානු රූබල් මිලියනයක මුදලක් ද හිමි වෙයි. 10 වැනි දරුවාට වසරක් පිරුණු අවස්ථාවේ දී මෙම ගෞරව නාමය සහ තෑගි මුදල එම මවට ප්‍රදානය කරනු ඇතැයි ද පැවැසෙයි.
මෙම ගෞරව නාමය සහ තෑගි මුදල ලබා ගැනීමට දරුවන් 10 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටි පමණින් නොහැකි අතර ඒ සඳහා සපුරාලිය යුතු අමතර සුදුසුකම් කිහිපයක් ද තිබේ.
එහිදී මව, තම දරුවන් දස දෙනාට එක සමාන සෞඛ්‍ය, අධ්‍යාපන සහ කායික රැකවරණයක් ලබාදිය යුතුය. දරුවන්ගේ අධ්‍යාත්මික සහ සදාචාර සංවර්ධනයන් ප්‍රමාණවත් අයුරින් සිදු කර තිබිය යුතුය.
ගෞරව නාමය සහ මුදල් ත්‍යාගය ලබා ගැනීමට දරුවන් 10 දෙනා ජීවතුන් අතර සිටිය යුතුය. කෙසේ නමුත් යුද්ධයේදී හෝ රාජ්‍ය සේවයේ කටයුතු කරමින් මියගිය අයකු හෝ සිටින්නේ නම් එම මවුවරුන්ට ද ‘වීර මාතා’ ගෞරව නාමය සහ මුදල් ත්‍යාගය හිමි වනු ඇතැයි ද පැවැසෙයි.
‘වීර මාතා’ ගෞරව නාමය, 1944 වසරේ දි ප්‍රථමයෙන් පිරිනැමීම සිදුවුණු අතර, එය 1991 වසරේ සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටෙන තෙක් ක්‍රියාත්මක විය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් මවුවරුන්ට ’වීර මාතා’ ගෞරව නාමය