IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියන් තානාපති කැඳවා දෙහි කපයි

දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් කැඳවා දොස් නැගුවේය. දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපතිවරයාට දොස් නැගුවේ, යුක්රේන යුද්ධයේ දී උතුරු කොරියානු හමුදා සොල්දුදාවන්ගේ සහාය ලබා ගැනීමට රුසියන් රජය සහ එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇති බැවිනි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි දකුණු කොරියානු නියෝජ්‍ය විදෙස් අමතා්‍ය කිම් හොංග් ක්යුත්, රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් ඉල්ලා සිටි අතර, උතුරු කොරියානු හමුදා සොල්දාදුවන් යුක්රේන යුද්ධයට යැමවීට ගත් තීරණය වෙනස් කරන්නැයි ද නියෝජ්‍ය විදෙස් අමතා්‍ය කිම් හොංග් ක්යුත්, රුසියන් තානාපතිවරයා හරහා රුසියාවෙන් ඉල්ලීමක් ද කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිටත් යුක්රේන යුද්ධයේ දී රුසියාවට සහාය පළ කිරීමක් ලෙස, උතුරු කොරියානු හමුදා සොල්දාදුවන් 1,500 ක පිරිසක් රුසියාවට ගොස් සිටින බව වාර්තා වේ. 

උතුරු කොරියන් හමුදා සෙබළුන් විදේශ රටක හමුදා මෙහෙයුමකට එක් වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. තවත් සෙබළුන් කණ්ඩායම් කීපයක් රුසියාවට යෑමට සූදානමින් සිටින බව ද දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර ඇත.

න්‍යෂ්ටික බලැති උතුරු කොරියාව සහ රුසියාව අසල්වැසි රාජ්‍යයන් වන අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. 

යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පනවා ඇති බැවින්, රුසියාව අවි ආයුධ ලබා ගන්නේ උතුරු කොරියාවෙනි.

යුක්රේන යුද්ධයයේදී රුසියාවට අවශ්‍ය අවි ආයුධ උතුරු කොරියාවෙන් රුසියාවට ලැබෙන බව දකුණු කොරියානු බුද්ධි අංශ මෙන්ම ඇමෙරිකන් බුද්ධි අංශ ද අනාවරණය කළේ මීට මාස කීපයකට පෙර සිටය. මේ වනවිට එම අනාවරණ සත්‍යයක් බවට පත් වී අවසන්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියන් තානාපති කැඳවා දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 206 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site