ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සන්නිවේදන කුලූනක ගැටුණු රුසියානු මගී ගුවන් යානයක් පෙරේදා (7) කඩා වැටුණු අතර එහි ගමන් කළ 45 දෙනාගෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මාරක තුවාල ලබා දෙදෙනක් දිවි බේරා ගත්හ.
රුසියාවේ ‘ලොකොමෝටිව්’ අයිස් හොකී කණ්ඩායම ද එම ගුවන් යානයේ සිටි අතර ඔවුහු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
කඩා වැටුණේ ‘යැක් 42’ වර්ගයට අයත් මගී ගුවන් යානයකි. එම ගුවන් යානය බෙලාරූස් රාජ්‍යයේ මින්ස් අගනුවර බලා පියාසර කිරීම ආරම්භ කළේ යාරෝස්ලාව් ගුවන්තොටුපොළෙනි.
‘ලොකොමෝටිව්’ අයිස් හොකී කණ්ඩායම, මින්ස් නුවර පැවැත්වෙන කලාපීය හොකී ශූරතා තරගාවලියකට සහභාගී වීමට නියමිතව සිටියහ. හොකී කණ්ඩායමත් සමඟ ගුවන් යානයේ සිටි මගීන් ගණන 37 කි. කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන අටකි. අනතුරින් මියගිය හොකී කණ්ඩායමේ පුහුණු කරු කැනේඩියානු ජාතිකයෙකි.
සන්නිවේදන කුලූනේ ගැටුණු යානය පාලනය කර ගැනීමට නියමුවන්ට නොහැකි වූ අතර යානය යාරෝස්ලාව් ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 15 ක් දුරින් ගලා බසින වොල්ගා නදියේ අතු ගංගාවට කඩා වැටුණු බව බලධාරීහු පවසති.
අනතුර සිදුවූ අවස්ථාවේදීම දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර මාරක තුවාල ලබා රෝහල් ගත කළ දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
යානය අනතුරට පත්වෙද්දී පැවැති කාලගුණය ඉතා යහපත් එකක් වූ බැවින් සන්නිවේදන කුලූන යානයේ නියමුවන්ට නොපෙනෙුණේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇත. යානයේ පියසැරි දත්ත පටිගත කෙරෙන කළු පෙට්ටිය සෙවීමේ පරීක්ෂණ ද දිගටම සිදුවෙමින් පවතී.
රුසියා අගමැති ව්ලැඩිමීර් පූටින් අනතුර ගැන සැලවීමත් සමඟ රුසියානු ප‍්‍රවාහන ඇමැතිවරයා වහා අනතුර සිදුවූ ස්ථානයට පිටත් කළ හැරිය බව ද මොස්කව් නුවරින් වාර්තා වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියානු ගුවන් යානයක් කඩා වැටී 43 ක් මරුට