පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පාලක පක්ෂය වන ‘කොව්සවර්ටිව්’ පක්ෂයේ නායකත්ව සටනේ ඉදිරියට පැමිණීමට ඉන්දීය සම්භවයක් ඇති 42 හැවිරිදි සුනාක් සමත් වීමත් සමඟය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.
පක්ෂ නායකත්වය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් ඊයේ (18) පැවැත්වුණු අතර, එහිදී වැඩි දෙනාගේ මනාපය රිෂී සුනාක්ට හිමිවියත ඡන්ද විමසුම පැවැත්වූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වර්ටිව් පක්ෂය මන්ත්‍රීවරු 358 දෙනකු සිටින අතර, එයින් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසකගේ කැමැත්ත සහ විශ්වාසය දිනාගන්නා අපේක්ෂකයා ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකයා මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වනු ඇත.
පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන් අතරේ ඡන්ද විමසීම් කීපයක් පැවැත්වෙයි. ඒ, අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරි වන පරිදිය. ඊයේ (18) ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් අපේක්ෂකයෝ පස් දෙනෙක් ඉදිරිපත් වී සිටියහ.
හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්, විදේශ කටයුතු අමාත්‍යවරිය ලිස් ට්‍රස්, වෙළඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ටුගෙන්ඩාට් එම පස්දෙනාය.
ඊයේ (18) ඡන්ද විමසුමේ දී, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට කොන්සර්වර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු 115 දෙනකුගේ සහාය හිමිවිය. වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට් සහාය ලබා දුන් මන්ත්‍රීවරුන් ගණන 82 කි.
විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් ට සහාය ලබා දුන් ගණන 71 කි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් ට 58 දෙනකුගේ සහාය මෙන්ම ටොම් ටුගෙන්ඩාට් මන්ත්‍රීවරුන් 31 දෙනෙකගේ සහාය හිමිවිය. අඩුම මන්ත්‍රීවරුන් ගණනකගේ සහාය හිමිවුණු ටොම් ටුගෙන්ඩාට් පක්ෂ නායකත්වය සටනෙන් ඒ අනුව ඉවත් වූයේය. අවසානයේ අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරි වනතුරු මෙසේ ඡන්ද විමසීම් පක්ෂ අභ්‍යන්තරයේ පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය ධුරයේ සිටි බොරිස් ජොන්සන් ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදුවූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළින් එල්ල වුණු විරෝධයක් හේතුවෙනි. එම විරෝධයට හේතුව වූයේ ජොන්සන්, කොවිඩ් නීති උල්ලංඝනය සහ ලිංගික චෝදනා එල්ල වුණු මන්ත්‍රීවරයකුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමීමය. නව පක්ෂ නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩබලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ ජොන්සන්ය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු