IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රියැරිදුරාට මාගලක් දිය චෝදනා

නීති කඩකිරීම් 1700 කට වැරදිකරුවෙක් බවට චෝදනා නැඟි ඇති රියැදුරෙක් ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් නුවර සිටි.

මගමග යන එන වාහන නිරීක්ෂණයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් පිරිසකට දැකගත හැකි වූයේ ටයර 2 ක් ද පිපිරී ධාවනය වන මෝටර් රථයකි.රියදුරාට ඒ ගැන වගේ වගක් නැති බවත් පෙනෙන්නට තිබිණි.

පොලිසිය  රථය මාර්ගය අයිනට කර නවත්වන්නයැයි සන් කළද එයට අවනත වූයේ රියැදුරා නොවේ.ඔහු පොලිස් නිළධාරීන්ද පසුකරගෙන රථය පදවාගෙන යන්නට විය.අණ නොතකා ධාවනය වන රථය දුටු පොලිසිය කළේ එය ලූහුබැද යාමයි.

ටයර 2 ක් පිපිරී රථය ධාවනය කළා මදිවාට පොලිස් අණද නොතැකීම නිසා රියැදුරාට හොද හැටි අච්චු කිරීමේ අදහස ඇතිව මෝටර් රිය වෙත ගිය පොලිස් නිළධාරීන්ට සිදුවූයේ අච්චු කිරීම පසෙක තබා මුහුණට මුහුණ බලාගැනීමටයි.ඒ රථයේ සුක්කානම වෙනුවට සවිකර තිබූයේ ඇණ මුරිච්චි ගලවන අඩුවක් වූ බැවිනි.මදිවාට රියැදුරාද සිටියේ හොඳ හැටි පදම්වී සිටියේය.පොලිස් නිළධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ අමාරුවෙන් වචන ගැටගසා ගත් ඔහු සුක්කානම කැඞී ගිය නිසා අඩුවක් ආධාරයෙන් රථය හසුරවමින් පැමිණි බව පැවැසීය.

රියැදුරා දැන් සිටිනුයේ පොලිස් භාරයේය.ඔහුගේ ‘නවීකරණය‘ කළ මෝටර් රථයද පොලිසියේ ගාල් කර තිබේ.රියැදුරාට එරෙහිව නඩු පැවැරීමට යයි.

ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා ලැයිස්තුව මාගලක් පමණ දිගු වන බව පොලීසිය කියයි.

 



අදහස් (0)

රියැරිදුරාට මාගලක් දිය චෝදනා

ඉෂාර Thursday, 25 July 2013 01:55 PM

නියම කොල්ලෙක්නෙ (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 10:19 PM

පිස්සු පොරක්! ඇති මහා මාර්ගයේ මින්සුන් යට නොකර ගිය එක. බලපත්‍රය වහාම අවලංගු කලයුතුයි. (නි)

:       0       0

හෙළයා Wednesday, 24 July 2013 11:17 PM

නියම පොරක්, පංචිකාවත්ත පැත්තේ එකෙක්ද කොහෙද? (නි)

:       0       0

ජෝන් Wednesday, 24 July 2013 11:19 PM

ඇත්තටම ඕස්ට්‍රේලියාවේ පොලිසියේ අය මාගල ගැන දන්නේ කොහොමද? (නි)

:       0       0

සහස් Thursday, 25 July 2013 11:18 PM

පිස්සු කොල්ලෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site