IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රියදුරිය වහළේ යයි

ලන්ඩනයේ කිංගස්බරි චතුරස‍්‍රයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක රියැදුරන් අතර ආරවුලක් ඇති විය.

එක් රියැදුරෙක් වූයේ කාන්තාවකි.ඇය අනෙකාගේ මෝටර් රථයේ වහලයටද නැගුණාය.එහි නැඟී සිට ගෙනම අනෙකා සමග වාද විවාද කළාය.

අනෙකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි පෙනුණි.හේ තම මෝටර් රථයට නැග එය පණගන්වා ගෙන ධාවනය කළේය.

කාන්තාව තවමත් වහල උඩය.ඇය වහල උඩ දිගාවී නොවැටී සිටීමට උත්සාහ කළාය.

මේ අතර ඇයගේ මෝටර් රථයේ සිටි ඇයගේ මිතුරිය එය පණ ගන්වාගෙන පසුපසින් පැමිණියාය.ඇය අනෙක් රථයට ඉස්සර කිරීමට උත්සාහ කරමින් එහි රියැදුරාට රථය නවත්වන්නැයි ආයාචනා කරනු දැකගත හැකි විය.

අවසානයේ රියැදුරා රථය නතර කළේය.

වහලය මත සිටි කාන්තාව එයින් බැස පසුපසින් පැමිණි තම මෝටර් රථයට නැගුණාය.

තවත් වරක් තම ප‍්‍රතිවාදියාට බැන වැදුණු ඇය වේගයෙන් රථය ධාවනය කරගෙන පිටත්ව ගියාය.

 



අදහස් (0)

රියදුරිය වහළේ යයි

සමන්ති Tuesday, 25 February 2014 01:46 AM

සිත්තරපටි ජවනිකාවක රංගනයක්ද දන්නේ නැත. . (අ)

:       0       0

චරිත් සමරවීර Tuesday, 25 February 2014 08:29 AM

පිස්සු හැදෙනවා මේවා අහනකෝට (අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 12:12 PM

කොහොමත් හරි උනත් වැරදි උනත් යුරෝපා රටවල ගැහැණුන්ගේ කටවල් වලට පිරිමි බයයි. (අ)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 12:37 PM

රියදුරන් දෙදෙනාම වැරදියි.කෙනෙකුට තව කෙනෙකුගේ වාහනයේ වහලට නැගීමත් වැරදියි.කෙනෙක් වහලය මත සිටියදී වාහනය ධාවනය කිරීමත් වැරදියි.පොලිසියට මේ පින්තුර ටිකම ඇති දෙදෙනාටම විරුද්ධව නඩු දාන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site