IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රොබෝ රෝචරයක් බ්‍රහස්පති උප තරුවට

ඉදිරි වසර කිහිපයේදී බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙකු වන යුරෝපා මතට රොබෝ රෝවරයක් යැවීමටත්, අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා පෘථීවිය අතර කුලී යානා සේවයක් ඇරඹිීමටත්, හබල් දුරේක්ෂය විශ්‍රාම ගන්වා ඒ වෙනුවට නව දුරේක්ෂයක් අභ්‍යාවකාශයේ රැදවීමටත් ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායාතනය (නාසා) සැළසුම් කර තිබේ.

මේ කටයුතු සදහා වන අයවැය වාර්තාව සකස් කිරීමටද නාසා ආයතනය කටයුතු කර තිඛෙන අතර වැයවේයැයි අපේක්ෂිත මුදල ඇමරිකා ඩොලර් බිලියන 17.5 කි.

එයින් වැඩිම මුදලක් නාසා ආයතනය වෙන් කර තිඛෙන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා පෘථීවිය අතර කුලී යානා සේවයක් ඇරඹීමේ කටයුතු වෙනුවෙන්ය.

අභ්‍යාවකාශ ෂටලයන් 2011 වසරේ සිට විශ්‍රාම ගන්වා තිඛෙන නිසා නාසා ආයතනය ගගනගාමිීන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගෙනයාම සදහා අවශ්‍ය සේවාවන් ලබා ගන්නේ රුසියාවෙනි. යුක්රේන අර්බුදය හමුවේ පලූදු වී ඇති ඇමරිකා හා රුසියා සබදතා නිසා තමන්ගේ වැඩ තමන්ම බලා ගැනීමට ඇමරිකාව කටයුතු කරන බවක් නාසා ආයතනයේ මෙම යෝජනාව සැළකූ විට පෙනේ.

අනාගතයේදී සද හා ඇස්ටරොයිඩ මතට ගගනගාමින් ගොඩබැස්වීමේ සැළැස්මක්ද නාසා ආයතනය ඉදිරිපත් කර ඇති යෝජනා අතර වේ.

යෝජනා අතුරින් වැදගත්ම යැයි සැළකෙන්නේ මහගු සේවාවක් ඉටු කළ හබල් දුරේක්ෂය විශ්‍රාම යවා ඒ වෙනුවට නව දුරේක්ෂයක් අභ්‍යාවකාශයේ රැදවීමේ යෝජනාවයි.හබල් දුරේක්ෂයට වඩා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය 2018 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට සැළසුම් කර තිඛෙන අතර එය හබල් දුරේක්ෂය ඉටුකළ මෙහෙය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි නාසා විද්‍යාඥයෝ කියයි.



අදහස් (0)

රොබෝ රෝචරයක් බ්‍රහස්පති උප තරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site