IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රූපවාහිනි තිරය රෝල් කරයි

රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ.

අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ  හැකිය.

මෙම තිරය නිපදවීම සදහා එල්.ජී සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක‍්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිරයෙන් ලබාගත හැකියැයි සදහන් වෙයි.

තිරයේ ප‍්‍රමාණය අඟල් 18 කට වඩා තවත් කොපමණ දුරකට විශාල කළ හැකිදැයි සොයාබැලීමට එල්.ජී. සමාගම පර්යේෂණ කරමින් සිටී.

2017 වසර වන විටදී මෙම තාක්ෂණය ආධාර කරගෙන නිපදවෙන රූපවාහිනී ඇතුලූ ඉලෙක්ට්‍රෝනික උපකරණයන් වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

 40 41 42

 



අදහස් (0)

රූපවාහිනි තිරය රෝල් කරයි

චතුරංග Thursday, 17 July 2014 01:17 AM

මේකේ ගණන දන්නවද? (නි)

:       0       0

මහේෂ්‍ Monday, 14 July 2014 01:27 PM

පුදුමාකාර තාක්ෂණයක් (නි)

:       0       0

නිශාන්ත කුමාර Monday, 14 July 2014 03:50 AM

හොද තාක්ෂණික නිපදවිමක්. (ස)

:       0       0

සඳුන් Monday, 14 July 2014 10:21 AM

මේවා ලංකාවේ මිනිස්සුන්ට ගන්න තරම් වත් කමක් නැහැ. ඕව හොඳයි පිටරට සුද්දන්ට. මේ ආර්ථිකේ එක්ක මේව ගන්න ගියොත් මිනිස්සුන්ට කන්න වෙන්නේ වැලි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 349 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site