IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රතු ග්‍රහයාගේ අභිරහස විසඳේ?

 අඟහරු ග්‍රහයා මත ගලායන ජලය තිබෙන බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි නාසා ආයතනය නිවේදනය කරයි. අඟහරු පිරික්සුම් යානය මගින් 2011 වසරේදී එවන ලද ඡායාරූප වල දක්නට ලැබුණු අඳුරු පැහැති ඇඟිලි වැනි සලකුණු දිගින් දිගටම විශ්ලේෂණය කිරීම මගින් ඔවුන් මෙම නිගමනයට එළඹී ඇත.

රතු ග්‍රහයාගේ පෘෂ්ඨයේ විවිධ ස්ථාන වල ශෛලමය බෑවුම් මත දිගින් හා අඳුරු පැහැයෙන් අඩුවැඩි වෙමින් වෙනස් වන රේඛා වරින් වර විද්‍යාඥයින් විසින් නිරීක්ෂණයට ලක්කැර ඇත. සෘතුමය වෙනස්වීම් හෝ උෂ්ණත්ව වෙනස්වීම් මත රේඛාවල දිග අඩුවැඩිවීම හා පැහැය අඩුවැඩිවීම සිදුවන බව ඔවුන්ට පෙනී ගොස් ඇත. රතු ග්‍රහයාගේ පෘෂ්ඨය මත හෝ පෘෂ්ඨයට යටින් ගලායන ද්‍රව මගින් මෙවැනි සලකුණු ඇතිවිය හැකි බවත් ලවණමය ජලය දියවී අගාධ තුළට ගලායාම නිසා රේඛාවල දිග අඩුවැඩි වීම සිදුවියහැකි බවත් ඔවුන්ගේ මතයයි.

අඟහරු මත ධ්‍රැවීය අයිස් පවතින බව මීට දශක කිහිපයකට පෙර සොයාගනු ලැබීය. වෙනත් ග්‍රහලෝකයක ජලය පවතින බවට සාක්ෂි ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය බව නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

විශ්ලේෂකයින් පවසන්නේ මෙම දැවැන්ත විද්‍යාත්මක අනාවරණය අඟහරු මත ජීවය සොයා ගැනීම සම්බන්ධව ඉතා වැදගත් ඉදිරි පියවරක් බවයි. ‍

2CDE480600000578-3252071-The_marks_or_seasonal_flows_were_spotted_in_2011_in_Mars_Reconna-a-7_1443459845795 2CDE480600000578-3252071-image-m-6_1443459839293 2CCDD45200000578-3252071--m-30_1443446144457

 



අදහස් (0)

රතු ග්‍රහයාගේ අභිරහස විසඳේ?

රොහාන් Wednesday, 30 September 2015 06:29 AM

දැන් එතකොට රොෂාන් දන්නවද නියම ධර්මය ? අනේ එහෙනම් මේ දෙවියන් අදහන අයට කියල දෙන්නේකෝ ඔයාගේ නියම ධර්මය ලොකුවට් ලියන්නේ නැතුව.(ම)

:       0       0

සොපි Thursday, 01 October 2015 11:29 AM

මිනිසාගේ මනසට ගෝචර වෙන්නේ විශ්වයේ අභිරහස් වලින් කෙතරම් සුළු ප්‍රමාණයක්ද ?දෙවියන් වැනි සංකල්ප තේරුම් ගැනීමට තරම් අප බුද්ධිමත් නැතැයි මට සිතේ .(ම)

:       0       0

හමීඩ් හසන් Tuesday, 29 September 2015 03:43 PM

මුළු විශ්වයම මැව්වේ දෙවියන් විසිනි .එය සදාකල් පවතී .(බ)

:       0       0

සමන් Wednesday, 30 September 2015 06:51 AM

ලෝකේ බෙලි කපන්නෝ වැඩි වේගෙන එන්නේ දැම්ම අගහරු ලෝකෙටවත් යන්න බලන්න ඕන! (ම)

:       0       0

හිරු Thursday, 01 October 2015 07:05 AM

අැමරිකාව අඟහරු වල වතුර හොයාගන්නකොට ලංකාවෙ සමහරු කේන්දරෙන් අඟහරුගෙ අපල ගැන හොයනවා. (නි)

:       0       0

අශාන් Thursday, 01 October 2015 09:01 PM

රොෂාන්,බුදුරජාණන් වහන්සේත් දෙවියෝ ගැන කියලා තියෙනවා නේද? (නි)

:       0       0

ගුණතිලක Sunday, 04 October 2015 12:59 AM

සියල්ල නිර්මාණය වී ඇත්තේ පරමාණු වලිනි.සියලු විශ්වයම විවිධ රූපකයන්ගෙන් නිර්මිත වුවද මේ සියල්ල ඔබට පරමාණුක රූපයන්ට වෙන්කොට බැලිය හැකිනම්, සත්‍යය නිවැරදිව දැකගත හැකිවනු ඇත (නි)

:       0       0

නන්දලාල් Tuesday, 29 September 2015 05:01 PM

එහෙනම් අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

.කුමාර Tuesday, 29 September 2015 05:03 PM

දැන් අපිට රතු ග්‍රහයාගේ පිහිටයි (නි)

:       0       0

චන්දි Saturday, 03 October 2015 07:09 AM

ඔය දෙවියන් නැහැ කියන අය කොච්චර නම් දෙවියන්ට බාරහාර වෙලා ඇද්ද? (නි)

:       0       0

යෝනක Tuesday, 29 September 2015 05:44 PM

දැන් අපේ අය පොරකයි එමේ බිම්කොටස් වෙන් කරගන්න (නි)

:       0       0

උදිත් Tuesday, 29 September 2015 05:53 PM

අපිට එහේ පදිංචියට යන්න පුළුවන් වෙයිද? (නි)

:       0       0

ජයන්ත Tuesday, 29 September 2015 05:57 PM

පෙනෙන නොපෙනන සියලු වර්ගයේ සත්තු එක්ක එකට ඉන්න මිනිසුන්ට ඕවා සුළු දේවල් (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 29 September 2015 07:53 PM

තව ඉදිරියට තව තව දේවල් සොයාගන්න පුළුවන්වෙයි (නි)

:       0       0

කවින්ද Tuesday, 29 September 2015 07:56 PM

අනාගතයට හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

එරන්ද Tuesday, 29 September 2015 07:57 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

නිමල් Tuesday, 29 September 2015 08:00 PM

දැන්ම දාන්න ඕනෑ ඉල්ලුම් පත්‍රයක් (නි)

:       0       0

කිත්සිරි Tuesday, 29 September 2015 08:14 PM

මේක නම් සුබ ආරංචියක් (නි)

:       0       0

නලින්ද Wednesday, 30 September 2015 08:16 AM

අපේම මහගෙදරට අපි අවේ කියල මිනිස්සුන්ට අගහරු වලට ගියාම හොයාගන්න පුළුවන්...පෘථිවියට ජීවය අවේ අගහරුවලින් කියල වැඩි කාලයක් යන්න කලින් සොයා ගනීවි ....(ම)

:       0       0

නලීන් Wednesday, 30 September 2015 06:02 PM

අපේ දේශපාලඥයින්ව මේකට යවන්න බැරිද දන්නේ නැහැ (නි)

:       0       0

සරලා Thursday, 01 October 2015 08:32 AM

අනේ අපිටත් පාළුවටත් එක්ක කොහෙන් හරි ජීවයක් මතු වුනොත්. අපි කොයි තරම් හුදකලද? (බ)

:       0       1

වසන්ත Friday, 02 October 2015 03:14 AM

ඉඩම් ප්‍රශ්නයට හොඳ විසඳමක් (නි)

:       0       0

ඉන්දික Wednesday, 30 September 2015 08:55 PM

සමහර අය තමන් මහා බුද්ධිමත් කියලා කියන්න උත්සාහ කරන එක ක්‍රමයක් තමා දෙවියන්ට බැනීම සහ දෙවිකෙනෙක් නැහැ කියලා ප්‍රකාශ කිරීම. (නි)

:       0       0

විතාන Friday, 02 October 2015 03:13 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

දනීෂා Friday, 02 October 2015 03:14 AM

ගුණතිලකගේ අදහසට එකඟයි (නි)

:       0       0

ගැමුණු Tuesday, 29 September 2015 10:23 AM

එනයින් බලන කල යම්කිසි දිනක අඟහරු ග්‍රහයා තුල ජනාවාස ද ඇතිවෙනු ඇති. (බ)

:       0       0

ජී.ධම්මාලංකාර හිමි Sunday, 04 October 2015 05:50 AM

දෙවියෝ සිටිත්.ලෝකය මැවූ දෙවියෙක් නැත. (බ)

:       0       0

අසංක Wednesday, 30 September 2015 09:00 AM

නියමයි දැන් ඉතින් අපටත් ට්‍රිප් එකක් යන්ඩ පුළුවන් . වියදම කියක් විතර වේවිද ? (ර)

:       0       0

සත්‍යයා Wednesday, 30 September 2015 11:26 PM

වානර කොට්ඨාශයකින් මිනිසා පරිණාමය වනතුරු මේ පොළොව මත රජකළේ ඩයිනසෝරස් වැනි දැවැන්ත උරගයෝ.එවැනි සතුන් මැව්වේත් දෙවිවරුන් නැතිකළෙත් දෙවිවරු නොවන බව මගේ අදහසයි. නමුත් දෙවියන් මැව්වේත් දෙවියන් නැති කරන්නෙත් මිනිසාමයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 30 September 2015 03:13 AM

දෙවියන් මවපු කිසිම දෙයක් මේ ලෝකේ නැහැ.දෙවියන් කියල කෙනෙක් ඇත්තෙත් නැහැ.මේ හැම දේකටම විද්‍යාත්මක පදනමක් තියෙනවා.දෙවියන් විශ්වාස කරන්නේ නියම ධර්මය නොදන්නකමට. (බ)

:       0       0

මැටිපහන Wednesday, 30 September 2015 03:36 AM

මම මේ බලාගෙන ඉන්නේ මිනිසාගේ ඇතිවීම සිදුවුයේ කෙසේද යන්න හරියටම හෙළි වෙනකන්. මම හිතන්නේ කවදාහරි ඒක එලි වේවි. මැවීම් කතා විශ්වාස කර කර ඉන්න යුගය ඉවර වෙලා අවුරුදු 200ක් විතර ගිහිල්ල, මැවීම් වාදය පසුගාමී අදහසක් බවට ඔප්පු වෙලා ඉවරයි. (බ)

:       0       0

ගුණතිලක Thursday, 01 October 2015 02:21 AM

බිලියන 10,000 ක් මන්දාකිනි මේ විශ්වයේ තිබෙන බවට මතයක් තිබේ. අපේ මන්දාකිනියේ පළල ආලෝක වර්ෂ 100,000 කි. අඟහරු වල සරල ජීවයක් පැවතිය හැක.මින් අපට කියාදෙන්නේ ඉඩකඩම් වලට මිනීමරාගන්න සමාජයට විශ්වය දෙස බලා අනිත්‍ය මෙනෙහි කරන ලෙස නොවේද? (නි)

:       0       0

හරීන් Tuesday, 29 September 2015 11:37 AM

අඟහරු වල දැනටමත් ජීවය තිබේ (ම)

:       0       0

බක්ති Tuesday, 29 September 2015 12:39 PM

හොඳ සොයා ගැනීමක් .සතුටුයි.බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. එය සමහර විට මිනිසාගේ යෝධ ජයග්‍රහණයක් විය හැකිය.(හේ)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 12:41 PM

දැන්මම ඉඩම් කෑල්ලක් වෙන්කර ගන්න ඕනෑ.(හේ)

:       0       0

නිමල් Thursday, 01 October 2015 10:26 AM

මේ ජලය නොවේ. ග්‍රහයා මත සුළගට පාවෙන දූවිලි අංශුය. (ර)

:       0       0

නුවන් Tuesday, 29 September 2015 01:53 PM

අගහරුවල ජීවින් හිටියොත් ඒගොල්ලොත් මැව්වේ දෙවියෝද? (බ)

:       0       0

උපුල් Thursday, 01 October 2015 06:00 AM

ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන තරමට වෙන ලෝකයක් දැන්ම හොයාගෙන තියාගන්න එක වටිනවා. ඒත් අපේ අය පදිංචියට ගිහින් අඟහරු ලෝකෙත් විනාශ කරයිද කියලයි මට බය. (නි)

:       0       0

ලලිත් Thursday, 01 October 2015 04:31 PM

යන්න කැමති කට්ටිය ඉන්නවා නම් දැම්මම ටිකට් ගන්න වෙනවා. මම නම් එකක් ගත්තා. තව කාටද ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site