ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප‍්‍රධානී පීටර් මෝරර් ඊයේ (4) සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර් අල් අසාද් හමුවූයේය. සිරියාවේ පවතින ගැටුම්වලින් විපතට පත්ව සිටින සිවිල් වැසියන්ට අධාර ලබා දීම කෙරෙහි මෝරර් සහ ජනපති අසාද් අතර සාකච්ඡා පැවැත්විණි. මානුෂීය ආධාර බෙදා දීමට රතු කුරුස සංවිධානයට රජයේ පූර්ණ අනුග‍්‍රහය හිමිවෙන බව සිරියා ජනපති අසාද් එහිදී පොරොන්දුවක් ද ලබා දුන්නේය. රතු කුරුස ප‍්‍රධානියා සිරියානු විදේශ කටයුතු ඇමැති වලීඞ් මෞලී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ සෞඛ්‍ය ඇමැති සාද් නයේෆ් ද හමුවී සාකච්ඡා කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය. පීටර් මෝරර් රතු කුරුස සංවිධානයේ ප‍්‍රධානියා ලෙස වැඩ බාර ගත්තේ පසුගිය ජූලි පළමු වැනිදාය. ඔහු සිරියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රතු කුරුස ප‍්‍රධානියා සිරියානු ජනපති හමුවෙයි