IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රටවල් 4 කින් කටාරයට කොන්දේසි

අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත.


ත්‍රස්තවාදය සහ මූලධර්මවාදය ප්‍රචලිත කිරීමට සහාය දෙන බවට චෝදනා කරමින් සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ජූනි 5 වැනිදා කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත දැමීමට පියවර ගත්තේය.  ඒ අනුව යමින් තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමටත් ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමටත් පියවර ගත්තේය.


වසර ගණනාවකට පසු ගල්ෆ් කලාපයේ ඇති වූ දරුණුතම අර්බුදය මේ වූ අතර ඒ හේතුවෙන් දශක දෙකක් පැරැණි කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියට ද චෝදනා එල්ල විය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන රටවල අර්බුද නිරාකරණය කිරීමේදී කටාර් රාජ්‍යය ඊට මැදිහත් වීම ද එම විදේශ ප්‍රතිපත්තියේ අංගයක් විය. කෙසේ නමුත් කිසිම හේතුවකට තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව කටාර් රාජ්‍යය මෙම නව අර්බුදය ඇති වී දින කිහිපයකට පසු නිවේදනය කළේය.


රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ ආර්ථික සහ ප්‍රවාහන සබඳතා ද නවතා දැමීය. කටාර් රාජ්‍යයේ ස්ථාපිත තුර්කි හමුදා කඳවුර ඉවත් කළ යුතු යැයි සෞදිය ප්‍රමුඛ රටවල් කරන ලද ඉල්ලීම් අතර වෙයි.


මුස්ලිම් සහෝදරත්වය, අයි.එස් සංවිධානය, අල්කයිඩා සංවිධානය, හිස්බුල්ලා, ජබාත් ෆාටා අල් ෂාම් ආදී ත්‍රස්තවාදී, අන්තවාදී, මූලධර්මවාදී සහ නිකායවාදී සංවිධානවලට තිබෙන සබඳතා සියල්ල නවතා දැමිය යුතු බව ද සෞදිය කටාර් රාජ්‍යයට දැනුම් දී තිබේ.

 

කටාරයත් සෞදි අරාබියත් අතර දේශ සීමාවේ අබු සම්රා පිවිසුම (ඡායාරූප අනුග්‍රහය - ඒ.එෆ්.පී)


(රොයිටර් අනුග්‍රහයෙනි - 055)



අදහස් (2)

රටවල් 4 කින් කටාරයට කොන්දේසි

ravin Saturday, 24 June 2017 07:36 AM

කටාර වැසියනි, ඔබලාට ඇති තරම් ස්වභාවික ගෑස් ( අවුරුදු 140 කට සැහෙන) හා තෙල් (අවුරුදු 45 කට සැහෙන ) තියනවා කාටවත් හිස නොනමා ජිවත්වන්න. මුදලුත් තියන එකේ ජලය හා කෘතීම වගා ක්‍රම භාවිතා කර ආහාර ටිකත් හදා ගත්තොත් හරි. ඔය සම්බාධක දාන උදවියට සම්බාධක ටික කොට්ටය ඇතුළට ගෙන සදහටම නිදියගන්න කියන්න.

:       30       1273

adam Saturday, 24 June 2017 09:40 AM

රාමසාන් මාසේදී දේශසීමා පාරවල් වහලා ගුවන් ගමන් තහනම ඉතා අසාධාරණයක්... සහෝදර නෑකම් සම්බන්ධව තියෙන ජනතාවක් තමයි ඉන්නේ... අද කටාර්වල කිසිම අඩුපාඩුවක් නැහැ. සාමාන්‍ය අන්දමට පෙර පරිදිම සියලු වැඩ කටයුතු සිදුවෙනවා. කටාර් රටට ජයවේවා !!!

:       5       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site