IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘රටගිය ඇත්තෝ‘ තොරතුරු ඉල්ලයි

විදෙස් ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ‘රටගිය ඇත්තෝ‘ සංවිධානය  මේ වනවිටත් රටවිරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහාත්, තීරු බදු රහිත වාහන, ඡන්ද බලය වැනි වැදගත් අයිතිවාසිකම් සහ අනිකුත් සුබ සාධන කටයුතු සඳහාත් රජයට බල කිරීම සදහා සැලකිය යුතු වැඩ කොටසක් කරමින් සිටින අතර මැදපෙරදිග ඇතුළු ලෝකයේ අනිකුත් රටවල රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීම ආරම්භ කර  ඇත.

ඒ සඳහා විදෙස් ගත අයගේ තොරතුරු නම, ගමන් බලපත් අංකය , දැනට රැකියාව කරන රට, ශ්‍රී ලංකාවේ ලිපිනය, ඔබ වෙනුවෙන් සහභාගි විය හැකි අයකුගේ නම සහිතව

 [email protected] හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ට එවන ලෙසත් නැතිනම් රටගිය ඇත්තෝ, තැපැල් පෙට්ටිය 28 , කටුනායක, ශ්‍රී ලංකාව යන ලිපිනයට එවන මෙන් එම සංවිධානය දැනුම් දෙයි.



අදහස් (0)

‘රටගිය ඇත්තෝ‘ තොරතුරු ඉල්ලයි

පීරිස් Thursday, 09 July 2015 06:50 AM

මේ ඉල්ලන ඉල්ලීම් නම් හරිම සාධාරණයි. මේ ඉල්ලීම් අපි කාලයක් තිස්සේ ඉඳන් මෙහාට ආව හැම ඇමති වරයෙක් ගෙන්ම ඉල්ලුව, ඒ සේරමත් පොරොන්දුවෙලා යනවා විතරයි , ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ වගේ සංගමයක් හොඳයි, අවංකවම අපි හැමෝම වෙනුවෙන් කැප වෙනවානම්. ලියාපදිංචි කරගෙන සල්ලි ඉල්ලාගෙන පස්සෙන් එන්න ගත්තොත් තමයි කරදරේ. (ස)

:       0       0

ගමගේ සෞදි Thursday, 09 July 2015 07:07 AM

කරුණාකර ‘රටගිය ඇත්තෝ‘ සංවිධානයෙ නීත්‍යනුකුල බව පළමුව අපිට ස්ථිර කරන්න. වෙබ් අඩවිය ගැන විස්තර ලබා දෙන්න. (බ)

:       0       0

පුරවැසියා Thursday, 09 July 2015 07:21 AM

වැඩකට නැති පුහු වැඩ (ම)

:       0       0

විමලසේන Sunday, 12 July 2015 04:23 PM

කියනවා පමණයි (බ)

:       0       0

මහින්ද කල්පගේ Friday, 10 July 2015 12:04 PM

පස්සේ ලියාපදිංචි ගාස්තු නම් ඉල්ලන්න එපා (නි)

:       0       0

ශිරානි Friday, 10 July 2015 05:47 AM

වැඩේනම් හොදයි අකුරටම ඉෂ්ඨ වෙනවා නම්.(හේ)

:       0       0

ඉලුක්කුඹුර Thursday, 09 July 2015 02:56 AM

ඡන්දය ලන්වෙනකොටද මේ සේරම ,(ස)

:       0       0

නාමලී Thursday, 09 July 2015 02:58 AM

මේකට කලින් මම තොරතුරු දීල ලොකු කරදරේක පැටළුනා. අන්තිමට මගේ නොම්මරේ වෙනස් කරලා මම බේරුනේ තව ටිකෙන් මගේ ඔක්කොඅම ඉවරයි. (ස)

:       0       0

පර්සි Thursday, 09 July 2015 11:35 AM

මේ රට ගිය ඇත්තන්ගේ සංවිධානයට වෙබ් අඩවියක් නැද්ද? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Saturday, 11 July 2015 12:43 PM

මෙය සත්‍ය ක් නම් විදේශගත සෑහෙන පිරිසකගේ සහබාගිත්වයක් ලබාගන්න පුලුවන්වේවි. තොරතුරු ඉදිරිපත් කරාවි.එහෙත් මේ මුවාවෙන් තවත් කීපදෙනෙක් තම බඩ වඩාගන්නට සැරසෙනවානම්.? .මෙවන් පුද්ගලයන්ගේ ගැට වලට අසුවී රුපියල් සත වලින් පමණක්ම නොවේ ඩොලර් වලින් පවා වංචාකාරයන්ට හසුව මුදල් නැති කරගෙන ඇති බැවින් දෙවරක් නොව කීපවරක්ම සිතන්නට පෙළබවීමයි. ඔබ සංවිධානයේ සුජාත බව අපට පසක් කර ගන්නට තව ටිකකලක් යාවි. එතෙක් ඔබ සැමගේ උත්සාහයට අපෙත් ප්‍රණාමය... (අ)

:       0       0

අනුර බණ්ඩානායක Saturday, 11 July 2015 01:11 PM

මේ කියන දේවල් පැහැදිලි නෑ (අ)

:       0       0

ජනක Thursday, 09 July 2015 08:58 PM

මොනවා කළත් හම්බ කරගත් කීයක්හරි තමා අන්තිමට ඉතුරු වෙන්නේ (නි)

:       0       0

මුරලි Thursday, 09 July 2015 04:25 AM

අපේ නම විකුණලා මෙයාල ගොඩ යනවා ...(බ)

:       0       0

නිශාන්ත ජේ.කේ Thursday, 09 July 2015 09:38 PM

මා කියන්නෙත්,කරුණාකර ‘රටගිය ඇත්තෝ‘ සංවිධානයේ නීත්‍යනුකූල බව පළමුව අපිට ස්ථිර කරන්න. මේ සංවිධානය නීත්‍යනුකූල නම් වෙබ් අඩවිය ගැන විස්තර ලබාදෙන්න (නි)

:       0       0

සමරකෝන් Wednesday, 08 July 2015 06:19 PM

අපිට කලක් යයි. හොඳයි. ඉක්මනට පටන්ගමු (නි)

:       0       0

ශම්මි ප්‍රනාන්දු Sunday, 12 July 2015 08:19 AM

වඩේ නම් හොඳයි, හැබැයි ගොඩක් දෙනෙක් කියන විදිහට, මේ දේවල් කොහොමද විශ්වාස කරන්නේ. දැන් මේ රටේ ලෝකෙ වෙන දේවලුත් එක්ක බැලුවම? අනික මේ විද්යුත් ලිපිනය පෞද්ගලික එකක්නෙ. මේ සඳහා රාජ්ය මැදිහත් වීමක් තිබෙන බව සනාථ කරන්න පුලුවන් නම් වැඩේට කවුරු කවුරුත් කිසිම පැකිලීමකින් තොරව දායක වෙයි. තවත් එක් කඩා වඩා ගැනීමක් නම්, තවත් පවු පුරව ගන්නෙ නැතිව දැන්ම නතර කලොත් තමයි වටින්නෙ.(නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 09 July 2015 05:21 AM

මෙය රජයේ අනුමැතිය ලත් සංවිධානයක් නම් අපිත් කැමතියි. (අ)

:       0       0

ජයා Friday, 10 July 2015 10:19 AM

මේ වැඩේ නම් නරක නැහැ. එත් හුඟක් අය කියල තියෙනවා වගේ මේකේ වලංගු භාවය නිත්‍යානුකුල භාවය නොදැන පුද්ගලික තොරතුරු දෙන එක අවදානම්. අනික මේක පටන් ගත්ත අයට පුද්ගලික අරමුණු තියෙනවද එහෙම නැත්නම් ස්වාධීන කණ්ඩායමක්ද, රජයේ අනුග්‍රහයක් තියෙනවද කියල දැනගන්න ඕන. දැන් ටික කලකට උඩදී විදේශ අමාත්‍යංශයෙන් හරි ආරක්ෂක අමාත්‍යංශයෙන් හරි ලියාපදිංචිකර ගත්තා. කරුණාකර වැඩි විස්තර දන්වන්න. (ස)

:       0       0

කල්පනී Thursday, 09 July 2015 01:35 PM

රට ඉන්න අයටත් සාධාරණයක් වියයුතුයි (නි)

:       0       0

සදමාලි ගුණසේකර Saturday, 11 July 2015 03:54 PM

ඡන්දෙ ඉල්ලන ගහන ගැට, අහුවෙන්න එපා (අ)

:       0       0

ජී. නන්දන Thursday, 09 July 2015 06:05 AM

අපි ගැන මෙච්චර කරදර වෙන මේ මහත්වරුන්ට වැටුප් ලබාදෙන්නේ කවුද? (නි)

:       0       0

කුමාර් Thursday, 09 July 2015 06:07 AM

මෙම ආයතනයේ නීත්‍යානුකූල ස්වභාවය ගැන අපි දැනගත යුතුයි. (නි)

:       0       0

පුබුදු Thursday, 09 July 2015 06:14 AM

රට ගිය ඇත්තන්ගේ විස්තර ආගමන විගමන එකෙන් සහ ගුවන්තොටුපලෙන් ගන්න පුළුවන්. ඒවෙනුවෙන් අලුතින් ලියාපදිංචියක් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ. සංවිධානයක් වශයෙන් කරන්න යන වැඩේ හොඳ උනත් මේවා ඡන්ද කාලයට විතරක් කෑගහල මදි. අපට නාමලී කියල තියෙන දෙය ගැනත් හිතන්න වෙනවා. (ස)

:       0       0

අශෝක Friday, 10 July 2015 03:42 PM

කාගේත් පොරොන්දු විතරයි. රට ඉන්න අපේ ගතේ සවිය තියනතුරා හම්බකරගෙන ඔබතුමාලා සැප විඳින්න.මහලු වයසේදී අපි වටින්නේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site