බ්‍රිතාන්‍යයේ මහ රැජනගේ උපන්දිනය නිල වශයෙන් සමරන ජුනි මාසයේ දෙවැනි සෙනසුරාදා අදින් වසර 31ට පෙර වූ සිදුවීමක් යළි පුනරූපනය වන ආකාරය බ්‍රිතාන්‍ය වැසියන්ට දැකගත හැකිවිය.
1984 දී එලිසබෙත් මහ රැජන සිය උපන්දිනයේ නිල සැමරුම පවත්වන අවස්ථාවේ දී රතු පැහැති රාජකීය ඇඳුමින් සැරසුණු චාර්ල්ස් කුමරු සිය පුත් විලියම් කුමරු වඩාගෙන රජගෙදර සඳළුතලයේ සිටියේය. විලියම් කුමරු එදා හැද සිටියේ නිල් පැහැති රොම්පර් ඇඳුමකි.
මෙවර රැජනගේ උපන්දිනය සැමරූ සෙනසුරාදා 1984 දී චාර්ල්ස් අත සිටි විලියම් කුමරු තම ජෝර්ජ් පුතු වඩාගෙන රතු පැහැති රාජකීය ඇඳුමින් සැරසී සඳළුතලයේ සිටියේ බ්‍රිතාන්‍ය වැසියන්ට වසර 31ක අතීතය අනුස්මරණය කරන්නට මෙනි. එදා විලියම් ඇඳ සිටි ආකාරයටම නිල් පැහැති රොම්පර් ඇඳුමකින් සැරසී සිටි ජෝර්ජ් සඳළුතලයේ දී හැසිරුණේ ද වසර 31ට පෙර විලියම් කටයුතු කළ ආකාරයෙන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
එදා විලියම්ගේත් මෙදා ජෝර්ජ්ගේත් වෙනස වූයේ පැළඳ සිටි සපත්තු යුගලයේ පමණි. විලියම් කළු පැහැති සපත්තු පැළඳ සිටි අතර ජෝර්ජ් නිල් පැහැති සපත්තු පැළඳ සිටියේය.
1984 දී චාර්ල්ස් විලියම් දෙදෙනාගේ ඡායාරූපත් 2015 විලියම් ජෝර්ජ් දෙදෙනාගේ ඡායාරූපත් දැන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔස්සේ පුළුල්ව ප්‍රචාරය වෙමින් තිබේ.
මෙවර උපන්දින උත්සවයේ විශේෂත්වයක් වූයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සිව් පරම්පරාවම සඳළුතලයේ එක්ව පෙනී සිටීමයි.
2025 නොවැම්බර් මස 04
480
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජ දරුවෝ 31 වසරක මතකය යළි අවදිකරති
සුරේන්ද්‍ර ප්‍රනාන්දු Monday, 15 June 2015 08:55 AM
අපේ රටේ රජවරු සිටියා නමුත් රාජකීය පරම්පරාවක් ගෙන කිසිම තොරතුරක් නැහැ. එංගලන්තය ඒ අතින් සැහෙන වෙනස්. ඒ දේවල් අගය කළ යුතුයි. (ම)
සොපී Wednesday, 17 June 2015 03:52 AM
මේවා දැකල පණ පලයන් ලබන පෙරේදා...(බ)
රූපවතී Monday, 15 June 2015 07:54 PM
අනේ මෙල්වින්, අනුන්ට ඊර්ෂ්‍යා නොකර ඔයාගේ වැඩක් කරගන්න (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 15 June 2015 09:49 PM
මෙයාලගේ විකාර වලින් අපිට වැඩක් නැහැ. මොවුන්ගේ රජපවුලේ මුතුන්මිත්තෝ කළේ ලංකාව වගේ රටවල් යටත් කරගෙන අපේ සාරය උරා බීපු එක (නි)
ද සිල්වා Monday, 15 June 2015 09:52 PM
අපේ කෙනෙකුත් නාවික හමුදා නිල ඇඳුමකුත් ඇඳගෙන මෙහෙම වැජඹෙන්න ගියො. දැන් නිල ඇඳුමම කටු ඔටුන්නක් වෙලා ඒකෙන් ගැළවෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා (නි)
මංගල Monday, 15 June 2015 04:02 AM
එංගලන්තයේ අය දැන් ඉස්සර වගේ නෙමෙයි. රජ පවුලට සල්ලි වෙන්කරනවා අඩුයි. අපි තමයි ලෝස් නැතුව දියවන්නාවේ ඉන්න මැති ඇමතිවරුන්ට තුන් වේල කන්න දීලා, කාර් එකට පෙට්‍රල් ගහලා දීලා, ගෙවල් කුලිය ගෙවලා බලා කියාන්නේ. තව කොච්චර කල් මේවා කරන්නද? (නි)
ප්‍රනාන්දු Monday, 15 June 2015 11:37 PM
මෙයාලා මෙහෙම ඉන්න ලෝකයේ අහිංසක ජීවිත කීයක් විනාශකර ඇද්ද? (නි)
රොෂාන් ප්‍රනාන්දු Tuesday, 16 June 2015 12:47 AM
කව්රු මොනවා කිවුවත් ,මේ රැජිණගේ වාසනාව ඇය අපේ රටේ නිදහසින් පසු සිටි සියළු ජනාධිපතිවරුන්ව හමුවුණා. එයාලා සියල්ලෝම දැක්කේ එක රැජිණයි (නි)
සුභා Tuesday, 16 June 2015 10:59 PM
සුද්දා අද වෙනකම් අපේ රටේ හිටියා නම් රට මොනතරම් නම් දියුණුවක් ලබලා ඇත්ද? මටත් හිතෙනවා අද ලංකාවට වෙලා තියන නස්පැත්තිය දිහා බලපුවාම එයාල දාලා ගියේ නැත්නම් හොඳයි කියලා. ඔන්න ඉතින් බැනුම් කප්පරකක් එයි ඉතින්. අපේ ඇත්තෝ ඉතින් මේ වගේ දේවල් වලට රුසියෝ නේ. (නදී)
මෙල්වින් Sunday, 14 June 2015 04:50 PM
අපේ රටවලින් ගත් දේවලින් තමයි දැන් එයාලා මෙහෙම වැජඹෙන්නේ (නි)
ප්‍රභාත් Tuesday, 16 June 2015 01:01 PM
අපේ රට විනාශ කරලා තව ෆොටෝ එළිදක්වනවා. අපේ රටේ සම්පත් වලින් ඔවුන් සැප විඳිනවා, අපි දුක් විඳිනවා. මේවා ඔවුන් මහන්සියෙන් හම්බ කරපුවා නෙමෙයි.මේක තමයි ඇත්ත. (නි)
කපු Monday, 15 June 2015 06:44 AM
අපේ රටෙත් මෙහෙම උනානම් මාරු.. බලයට පොර කන්නේ නැහැනේ. (ම)
විජයබාහු Monday, 15 June 2015 03:22 PM
එංගලන්තයේ රැජින නායකයා වුනාට රට කරවන්නේ එයා නෙවේ. අපේ දියවන්නාවේ කට්ටිය වගේ එහෙත් සෙට් එකක් ඉන්නවා. උනුත් මෙහෙ උන් වගේම තමා (බ)
විජයබාහු Monday, 15 June 2015 03:27 PM
සුරේන්ද්‍ර අපේ රටේ රාජකීය පරම්පරාවන්ට ඉන්න දුන්නද? ඔය සුද්දෝ ඒ පවුල් පිටින් විනාස කළානේ එක රජෙක් යටතේ රට නැගිටීවි කියල. එංගලන්තය දියුණු වුනේ රජවරු / රැජින යටතේ මිසක් වෙන විදිහකින් නොවේ. දියුණු වුන කිව්වේ වෙන රටවල් ආක්‍රමණය කරලා ධනය කොල්ල කෑව. දැන් මහලොකුවට දියුණුයි කිව්වට ජර්මනියටයි චිනේටයි ණයයි.(බ)
සහන් Tuesday, 16 June 2015 05:15 AM
කියන්නා කෙසේ කීවත් බ්‍රිතාන්‍ය ලංකාව යටත් කර ගෙන සිටිය එක ආශිර්වාදයක්,ඔවුන් ලංකාවට ලැබුණ නීතිය,අධ්‍යාපනය ,පරිපාලනය,මාර්ග,දුම්රිය මාර්ග අදටත් විශිෂ්ටයි (ම)
නිශාන්ත Tuesday, 16 June 2015 05:15 AM
බ්‍රිතාන්‍ය ලංකාව යටත් කර ගෙන සිටිය එක ආශිර්වාදයක්,ඔවුන් ලංකාවට ලැබුණ නීතිය,අධ්‍යාපනය,පරිපාලනය,මාර්ග,දුම්රිය,ටෙය් ,රුබෙර් වැනි බෝග ...බ්‍රිතාන්‍ය යටත් කරන සිටි සියලුම රටවල් වලට මේවා ලැබීමෙන් එම රටවල් ලෝකයත් එක්ක ඉදිරියට යනවා.හොදම උදාහරණය තම බ්‍රිතාන්‍ය විසින් පාලනය නොකළ අප්‍රිකනු රටවල්.තම වැඩි යුගයේ පවතින හැටි. (ම)
අනු Monday, 15 June 2015 07:49 AM
මංගල ඔයානම් නියම කතාවක් කියල තියෙන්නේ (ම)
චන්ද්‍රසිරි Wednesday, 17 June 2015 02:26 AM
ලෝකයේ හැම රටක්ම තම රට ජාතිය සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා. නමුත් ලංකාවේ ඒවා විනාශ කරනවා මිස තම රට ජාතිය සංස්කෘතිය ආරක්ෂා කරනවද, හැමතැනම දේශපාලනය මිස (නි)
රූපවතී Tuesday, 16 June 2015 01:50 PM
අපේ මිනිසුන් ඉන්නෙම වෛරයෙන්.කී දෙනාද මෙහි යථාර්ථයෙන් යමක් කියලා තියෙන්නේ? ඒ මිනිසුන් නිසා අපි තවමත් තේ කොළ කඩලා පිටරට යවනවා.අපේ රටේ කෝච්චි පාරවල් ටික තාමත් අද හැදුවාට වඩා ශක්තිමත්.පාරවල්.. ? එදා සුද්දෝ අපේ රට අද වෙනකම් පාලනය කළා නම් අපේ රටත් ආසියාවේ ඉංග්ලන්ඩ් කියනවා මිස කව්රුවත් උරුමකම් කියන්න එන එකක් නැහැ. දියුණුම දියුණු රටක් එහෙනම්. (නි)