තම සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාර වහාම නවත්තන්නේ නැතිනම්, කොලොම්බියා රජය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා වහාම අවසන් කරන බව මාක්ස්වාදී ෆාර්ක් ගරිල්ලෝ අනතුරු අඟවති.
ගරිල්ලන්ගේ එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කොලොම්බියා රජය මෙතෙක් පිළිතුරක් ලබා දී නැත.
ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ නායකයන් සහ කොලොම්බියා රජයේ නියෝජිතයන් අතර සාමකතා ඇරැඹුණේ ඉකුත් ඔක්තෝබර් මස 17 වැනිදාය. ඒ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය. එහි දෙවැනි අදියර කියුබාවේ හවානා නුවරදී පැවැත්විණි.
සාම සාකච්ඡා පැවැත්වෙද්දී පවා රජයේ හමුදා අවස්ථා කිහිපයකදී ගරිල්ලන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කර ඇත.
ගරිල්ලන් සහ කොලොම්බියා රජයේ නිලධාරීන් අතර එම සාම සාකච්ඡුා පැවැත්වුණේ වසර 50 ක් තිස්සේ පවතින ගැටුම් අවසන් කර දේශපාලන විසඳුමක් සෙවීමටය.
සාම සාකච්ඡා පැවැත්වෙන්නේ කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ගරිල්ලා නායක රොඞ්රිගෝ ලොන්ඩෝනෝට කළ ආරාධනාවකට අනුවය.
මීට පෙර අවස්ථා ගණනාවකදී ද ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා නායකයන් අතඑ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ ද ඒවා අසාර්ථක විය.
ජනපති සැන්ටෝස් ප‍්‍රකාශ කර ඇත්තේ කොලොම්බියාවේ හිටපු ජනපතිවරුන් ගත් වැරදි තීරණ නිසා ගරිල්ලන් සහ රජය අතර පැවැති අර්බුදය දිග්ගැස්සුණු බවය. එම වැරදි නිවැරදි කරමින් සාම සාකච්ඡා ආරම්භ කෙරෙන බව ද කොලොම්බියානු ජනපති සැන්ටෝස් වැඩි දුරටත් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
94
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජය සමඟ සටන් විරාමය අවසන්