IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජය විවේචනය කළ තුර්කි මාධ්‍යවේදීහු 64 ක් අත්අඩංගුවට

තුර්කි රජය විවේචනය කළැයි එරට මාධ්‍යවේදීන් 64 දෙනකු පසුගිය දින කිහිපයේ දී රජය විසින් අත්අඩංගුවට ගත් බවත්, මීට පෙර එසේ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 123 දෙනකුට මේ වනවිට නඩු පැවැරීමට කටයුතු කර ඇති බවත් එරට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

තුර්කියේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ රිපබ්ලිකන් ජනතා පක්ෂයයි. පක්ෂ නායක කෙමාල් කිලික්ඩරෝගු රජයට එරෙහිව එම චෝදනා එල්ල කළේ ඊයේ අන්කාරා නුවර (24) පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට තුර්කි අගමැති රිසෙප් ටයිප් එර්ඩොගන් කටයුතු කළේ ඔවුන් ඔහුටත් ඔහුගේ රජයටත් අවාසි වන ආකාරයේ පුවත් පළ කිරීම නිසා යැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කර ඇත.

මාධ්‍ය නිදහස ඇති රටවල් 179 අතින් තුර්කිය පසුවන්නේ 154 වැනි ස්ථානයේ යැයි ද විපක්ෂ නායකයා වැඩි දුරටත් කියා සිටී.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා ඇරැඹුණේ මීට මාස කිහිපයකට පෙරය. ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීමට රජය සැරසෙද්දීය.

විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, ඉස්තාම්බුල්  අගනුවර තක්සිම් චතුරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතාකරුවෝ ඊට ඇහුම්කන් නොදුන්හ. ඉන්පසු තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා විය.

ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදු වූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව අගමැති එඞ්රෙගොන් එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.

තුර්කි රජයට එරෙහිව විරෝධතා පවත්වමින්, තක්සිම් චතුරස‍්‍රයට විරෝධතාකරුවන් දහස් ගණනින් පැමිණ කඳවුරු බැඳගත් අවස්ථාවේදී, තුර්කි රජය පොලිසිය යොදවා එම විරෝධතාකරුවන්ට පහර දී පන්වා දැමුවේය.

තුර්කි අගමැතිගේත් රජයේත් කි‍්‍රයා කලාපය විවේචනය කරමින් පුවත් පළ වූයේ එවිටය. විරෝධතාකරුවන්, වෘත්තීය සමිති නායකයන්, දේශපාලන කි‍්‍රයාකාරීන් සහ මාධ්‍යවේදීන් ද රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

 

විපක්ෂ නායක කෙමාල් කිලික්ඩරෝගු

 



අදහස් (0)

රජය විවේචනය කළ තුර්කි මාධ්‍යවේදීහු 64 ක් අත්අඩංගුවට

උපාලි Thursday, 25 July 2013 03:11 AM

මං මේ ප්‍රවෘත්තිය දෙතුන් පාරක් කියෙව්වා (නි)

:       0       0

රසික Thursday, 25 July 2013 07:45 AM

එස්. එම්. එස්. 5000 පච බලකාය පතුරුවනවා වගේ පචයක් ද දන්නේ නැ....(අ)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 27 July 2013 12:01 AM

සිල්වා , ඔබ කියන දේ තමයි ලංකාවේ ක්‍රියාත්මක වන්නේ. තවත් රටවල් ගැන මොන කතාද. (නි)

:       0       0

වාසනා Thursday, 25 July 2013 11:45 AM

මෙහේ නම් ඊට වඩා වෙනස් (නි)

:       0       0

අචිනි Thursday, 25 July 2013 12:28 PM

ලංකාවෙ නම් හරිම නිදහසක් තියෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 July 2013 04:33 PM

මෙහෙ අත් අඩංගුවට ගන්නේ නැත , සුදු වැන් එකක් පැමිණ සාධාරනයෙන් කැදවාගෙන ගොස් සසර කෙටිකර ගැනීමට උදවු කරනු ලැබේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site