ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු අඩපණ වීම නැවැත්වීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් වෙමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට අරමුදල් වෙන් නොකිරීමට ඩිමොක්‍රටික් පක්ෂය තීරණය කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු රැසක් මේ වනවිට දින 13ක ආසන්න කාලයක් තිස්සේ අඩපණ වී තිබෙන අතර ඩිමොක්‍රටික් පක්ෂය ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට චෝදනා එල්ල කරයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පොලෙසි කතානායක ධුරයට පත්වීමෙන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත යැයි වාර්තා වේ.
“රජයේ කටයුතු නැවත ආරම්භ කරන්න කියලා අපි ජනාධිපතිවරයාට කියා සිටිනවා” ධවල මන්දිරයෙන් පිටත සිටි මාධ්‍යවේදීන් හමුවේ නැන්සි පොලෙසි කීවාය.
ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවැති සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කළාය.
“අපි රිපබ්ලිකන් පක්ෂයට උත්තරයක් දෙන්න අවස්ථාවක් දීලා තියෙනවා” යැයි ඇය පැවැසුවාය.
ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කරන පනත් කෙටුම්පතට සෙනට් සභාවේදී සම්මත වනු ඇතැයි වාර්තා වේ. එසේ සම්මත නොවුණහොත් රජයේ කටයුතු අඩපණ වීමේ වගකීම රිපබ්ලිකන් පක්ෂය බාර ගත යුතු යැයි ද ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක් වෙන් කරන්නැයි ජනාධිපති ට්‍රම්ප් ඉල්ලූ නමුත් බහුතර බලය හිමි ඩිමොක්‍රටික් පක්ෂය එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාළ මුදල් පනත් සම්මත නොවීමෙන් වැටුප් ගෙවීම ඇතුළු කටයුතු රැසක් අකර්මන්‍ය විය. ඒ හේතුවෙන් රජයේ කටයුතු බොහෝමයක් අඩපණ වූ අතර රාජ්‍ය සේවකයන් 800,000කට පමණ එයින් බලපෑම් එල්ල විය.
පසුගිය නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණයෙන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක බලය දිනාගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්විය. ඩිමොක්‍රටික් පක්ෂයට බහුතර බලය හිමි වීම නිසා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයකු වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බොහෝ යෝජනා සම්මත නොවනු ඇතැයි පැවසේ.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
777
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2418
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජය අඩපණ වීම වැළැක්වීමට ඩිමොක්‍රටික් පක්ෂය පනත් කෙටුම්පතක් ගේන්න යයි