IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රජයට එරෙහි උද්ඝෝෂණ මෙහෙයවන කද්රි මරන්න සටන්කාමීන් සැරසෙනවා

රජයට එරෙහි විරෝධතා සංවිධානය කරන දැඩි මතධාරී ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි ඝාතනය කිරීමට ඉස්ලාමීය සටන්කාමීන් සූදානම් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මන් මලික් පවසයි.
අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කද්රිගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ විරෝධතා ව්‍යාපාරය වහා නවත්වන ලෙසය.
”කද්රිගේ විරෝධතා ව්‍යාපාරයට ඉස්ලාමීය සටන්කාමීන් ද රහසේ එක් වී සිටිනවා. ඔවුන් විරෝධතා රැලිවලට පහර දීමේ අවදානමක් පවතිනවා. එවැනි ප‍්‍රහාරයක් සිදුවී මහා ජීවත හානියක් සිදුවුවහොත්, අප ඊට වරදකරු කරන්නේ කද්රිවය. මාගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඔහු විරෝධතා නවත්වනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයි ඇමැති මලික් ඊයේ (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.
විරෝධතා නවත්වන්නැයි කද්රිට පැය 24 ක් කල් දී ඇති බවත් ඔහු හෝ ඔහුගේ විරෝධතාකරුවන් හෝ ඊට කන් දෙන්නේ නැතිනම් හමුදාවත් පොලිසියත් යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රජය සූදානමින් සිටින බව ද ඇමැති මලික් අවධාරණය කරයි.
කද්රි මේ අයුරින් විරෝධතා පවත්වන්නේ, දුෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ් වහා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කර තිබියදීය.

පාකිස්තාන පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳගත් විරෝධතාකරුවෝ



අදහස් (0)

රජයට එරෙහි උද්ඝෝෂණ මෙහෙයවන කද්රි මරන්න සටන්කාමීන් සැරසෙනවා

ලක්ෂිත Friday, 18 January 2013 10:17 AM

මෝඩයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site