ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරට රැගන ආ දෙවැනි එලිසබත් මහ රුජිනගේ දේහය, මේ වනවිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් අව්ව වැස්සප නොතකා කිලෝ මීටර් 4 කට වඩා වැඩි පෝළිම්වල රැඳී සිටිති.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත බව පැවැසෙයි. විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු ලොව නන්දෙසින් සම්භාවනීය අමුත්තන් 2,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.
ඊට අමතරව, අවමංගල්‍යයට සහභාගී වීමට නියමිත රජ පවුලේ සාමාජිකයන් ගණන 500 ට වැඩිය. රැජිනගේ අවමංගල කටයුතු ශ්‍රී ලංකාවේ වේලාවෙන් ලබන 19 වැනිදා සවස 3.30 ට ආරම්භ වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් ඉයෝල්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලින් ද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ද අවමංගල්‍යයට සහභාගී වන බව දැනුම් දි තිබේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ බෙලරූස් රාජ්‍යයේ සහ මියන්මාරයේ නියෝජිතයන් හෝ අවමංගල්‍යයට සහභාගී නොවන බවත්, ඔවුන් කිසිවකුට බකිංහැම් මාලිගයෙන් ඇරැයුම් ලැබී නොමැති බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රැජිනට ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම්