IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රක්ෂණ වන්දි ගන්න අත් කපා ගනී

රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් අත් අහිමි කර ගත් දෙදෙනෙක් ස්පාඤ්ඤයේ  සිටිති.

පළමු පුද්ගලයා සිය දකුණත රිය අනතුරක් හේතුවෙන් අහිමිවුණේ යැයි පැමිණිලි කර තමන් ලියාපදිංචිව සිටි රක්ෂණ සමාගම් 12 කින් පවුම් විසි ලක්ෂයකට ( රුපියල් 398000000 ) කට ආසන්න මුදලක් වන්දි ලෙස ලබා ගැනීමට සැළැසුම් කර තිබී ඇත.එහෙත් ඔහුගේ තුවාලය හදිසි අනතුරකින් සිදුවූවක් නොවූ බවට සැක සිතූ රක්ෂණ සමාගම් කර ඇත්තේ වෛද්‍යවරුන් පිරිසක් ලවා තුවාළය පරීක්ෂා කරවීමයි.එහිදී මේ ශල්‍ය වෛද්‍යවරයකු  කියා සිදුකරගත් ‘‘සැත්කමක්‘‘ බව හෙළිව ඇත.

දෙවැනි  පුද්ගලයා රක්ෂණයේ  පවුම් 600,000 ක (රුපියල් 119400000) මුදලකි.එය පළමුවැන්නාට වඩා සැළැකිය යුතු මට්ටමින් අඩු ගණනකි. ඔහු සිය අනතුරට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ විදුලි කියතකින් සිය අත මුළුමනින් කැපී ගිය බවයි.එහෙත් පෙරසේම වෛද්‍යවරුන් පරීක්ෂා කළ විටදී හෙළිව තිබෙන්නේ සැත්කමක් ආධාරයෙන් අත කපා ගෙන ඇති බවයි.

උද්ධමනය හා රැකියා විරහිත භාවය ඉහළ ගොස් ඇති ස්පාඤ්ඤයේ මෙවන් සිදුවීම් මේ දිනවල සුලබය.වෙනකක් තියා ස්පාඤ්ඤ මාෆියාවද රක්ෂණ වන්දි වංචනික ලෙස ලබාගැනීමේ කි‍්‍රයාවලියට එළැඹ ඇත.ඒ සදහා ඔවුන් කරන්නේ තම තමන්ගේ රථවාහන හප්පාගෙන වන්දි මුදල් සදහා අයැදුම් කිරීමයි.මේ සියල්ල හමුවේ සැබෑ සිදුවීම් හා ව්‍යාජ සිදුවීම් එකිනෙකින් වෙන්කර ගැනීම තමන්ට මහත්ම ගැටලූවක් බවට පත්ව ඇතැයි රක්ෂණ සමාගම් කියයි.



අදහස් (0)

රක්ෂණ වන්දි ගන්න අත් කපා ගනී

මුරුගන් Monday, 29 April 2013 06:23 PM

සදරුවන් බුදු හාමුදුරුවෝ ස්පාංඥයේ ඉපදුනේ නැනේ. මෙතන ප්‍රශ්නේ සදහම් නෙවේ ආර්ථික ප්‍රශ්න. ලංකාවේ වකුගඩු විකුනනවා වගේ තාම.(නදී)

:       0       0

සදරුවන් Monday, 29 April 2013 09:05 PM

මුරුගන්, මම බුදු බන පදයකින් මිනිසත් භවේ වටිනාකම කියා දෙනකොට ඔයා වගේ පව්කාරයෝ ඒකට හරස් වෙනවා. ඒක ලෝක සොභාවය. ලොව්තුරා බුදු වරු පහල වෙනකොට දෙවදත්තලත් ඉපදෙනවා.(නදී)

:       0       0

සදරුවන් Monday, 29 April 2013 03:30 PM

මිනිස් ආත්මභාවයක් ලබාගැනීම දුෂ්කරය.එසේම එසේ ලබාගත් මිනිස් ආත්මභාවය රැකගැනීමද දුෂ්කරය.කල්ප කෝටි ගණනකින් සදහම් දෙසන්නෙකු සොයාගත නොහැකි බැවින් සදහම් ඇසීමද දුෂ්කරය.බුදුවරුන් කප් කෙල සුවහස් ගනනකිදුත් ලොව පහල නොවන නිසා බුදුවරුන්ගේ ඉපදීමද දුෂ්කරය. (නි)

:       0       0

සිසිර Tuesday, 30 April 2013 12:17 PM

ඔයා හරි සඳරුවන්. ඔය මුරුගන්ලාටයි මොහමඩ්ලාටයි අපේ බුදුගුණ වල අගේ දැනෙන්නේ නැහැ. ඔය දිට්ට ධම්ම වේදනීය කර්මය තමයි පල දෙන්නේ, අපි වගේ දුප්පත් රටවල් ආක්‍රමණය කරලා හොරාගත්ත දේවලින් තමා අද ඔය යුරෝපය පොහොසත් වෙලා තියෙන්නේ. එදා අපිට කරපු දේවල් වලට තමා ඔය වන්දි ගෙවන්නේ. මුරුගන් ඔයා මතක තියා ගන්න ඉන්දියාවේ තරම් ලංකාවේ අය වකුගඩු විකුනන්නේ නැහැ කියලා. (නි)

:       0       0

හසිම් Monday, 29 April 2013 05:00 PM

ලෝක විනාශය අත ළඟ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16956 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site