උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය.
පිලිපීනයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ප්‍රථමයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඒ බව පැවැසීය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා සතියක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට නියමිතය. අද (23) ජිම් මැටිස් පිලිපීන ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු තායිලන්තයේ හා දකුණු කොරියාවේ ද සංචාරය කිරීමට නියමිතය.
උතුරු කොරියාවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ තම මිතුරු රටවල් සමඟ සාකච්ඡා කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කීය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා මෙසේ ආසියාවේ සංචාරයක යෙදෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ආසියානු සංචාරයට පෙරය. පසුගිය සති කිහිපයක කාලයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර වාග් යුද්ධයක් ඇතිවිය. දෙදෙනාම උණුසුම් අදහස් ප්‍රකාශ කළහ. එක් අවස්ථාවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකය ‘රොකට් මෑන්’ (රොකට් මිනිසා) යනුවෙන් හඳුන්වා දුන්නේය. උතුරු කොරියානු නායකයා මරාගෙන මැරෙන මෙහෙයුමකට ප්‍රවේශ වී ඇතැයි ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.
පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිතුරන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් උතුරු කොරියාව විනාශ කරන බවට ද තර්ජනය කළේය.
අද දිනයේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ජපානයේ හා දකුණු කොරියාවේ ඔහුගේ ධුරයට සාමන ධුර දරන්නන් හමුවීමට නියමිතය. ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්ධුරය අනෙක් රටවල ආරක්ෂක අමාත්‍යධුරයට සමාන වේ.
‘ආසියාන්’ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවක පිලිපීනයේ පැවැත්වෙන අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඊට ද සහභාගී වීමට නියමිතය.
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප්
පිටිගල මිලානෝ Monday, 23 October 2017 12:02 PM
මේ පුවත ලංකාවේ කටින් රොකට් යවන කෙනෙක් ගැන නෙවෙයි නේද? මාතෘකාව දැක්ක ගමන් හීන් දාඩිය දැම්මා.
Ruwan Tuesday, 24 October 2017 04:33 AM
චීනෙන් යවපු ඔය කියන රොකට් එකේ කොන්ට්‍රෝල් එක නැතිවෙලා අදට වසර දෙකහමාරක් විතර වෙනවා. මම හිතන විදියට නැවත ඒ රොකට් එකේ කොන්ට්‍රෝල් එක ලංකාවේ අයටනම් ඕන නැති පාටයි.
සෙනෙවි Tuesday, 24 October 2017 07:00 AM
ඇමරිකාවේ "වියරු මිනිසා " තමයි රොක්ට් මෑන්ව කුලප්පු කලේ .