
යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල සංචාරයක යෙදෙන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කරමිණි.
රුසියාවත් චීනයත් අතරේ යහපත් සබඳතා පවතී. යුක්රේන යුද්ධයේ දී කොන්දේසි විරහිතව රුසියාවට සහාය දක්වන බව ද චීන ජනාධිපති ජින්පින් පවසා ඇත.
මීට දින කීපකට පෙර, චීන ජනාධිපති ජින්පින් යුරෝපා සංචාරයක නියැලෙමින්, ප්‍රංශයට ගොස් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ නියෝජිතයන් හමුවිය.
රුසියන් යුක්රේන යුද්ධය දේශපාලනික විසඳුමකින් අවසන් කරන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට බල කරන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන්, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලා තිබුණි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනාම මානුෂික ඉල්ලීමකි...!
මම මොනවා කරන්නද මචං අර ජෝකරයා ඉල්ලාගෙනනේ කෑවේ කියලා පුටිං කියන්න ඇති....