IMG-LOGO

යළි උපන් දරුවා

මව් කුසින් උපත ලබා ටික වේලාවකට පසු වෛද්‍යවරු විසින් මියගිය බවට තීරණය කරන ලද දරුවකු විනාඩි අටකට පසු පළමුවරට හුස්ම ගනිමින් හැඩීමත් සමග බොහෝ දෙනා සතුටට පත්වූහ.

දරුවාගේ මව නිකිටා පෙරෙයිරා පවසන්නේ සිය පුතු මියගොස් ඇතැයි වෛද්‍යවරු පැවසූ මොහොතේ ලෝකයම කඩා වැටුණාක් සේ දැණුනු බවයි.

‘‘මට සියළු බලාපොරොත්තු අහිමි වුණා. නමුත් මගේ පුතා මොහොතකින් අඬද්දී මට මගේ ජීවිතය ලැබුණා. මගේ දෑසෙන් සතුටු කඳුළු වැගිරුනා. “ යැයි ඇය කියයි.

ප්‍රසූතියට පැය 28 කට පෙර ඇය හදිසි සිසේරියන් අංශය වෙත රැගෙන ගියේ ඇයගේ දරුවාගේ හෘද ස්පන්දනය දුර්වල වෙමින් පවතින්නේ යැයි වෛද්‍යවරු තීරණය කිරීමත් සමගිනි.

වෛද්‍යවරුන් විසින් දරුවා ගර්භාෂයෙන් ඉවතට ගන්නා ලදී. නමුත් ඔවුන්ට පෙනීගියේ අළුත උපන් මෙම ලදරුවා හුස්ම නොගන්නා බවයි.

මිනිත්තු අටක් ගතවු පසු වෛද්‍යවරුන් තම දරුවා මියගොස් ඇති බව ප්‍රකාශයට පත්කල බව පෙරෙයිරාට ඇසී තිබිණි. .

නමුත් එක් ඇසිල්ලකින් දරුවා ඇඩීමට පටන් ගන්නා ලදී.

‘‘මගේ දරුවාට දැන් වයස අවුරුදු දෙකයි මාස හයක් වෙනවා.  සෑම දිනකම මා හට දැනෙන්නේ මොහු හාස්කමක් බවයි. මා ගැබ්ගෙන සිටිය දී කිසිදු වේදනා නාශකයක් භාවිතා කළේ නැහැ. නමුත් මට යම් යම් සංකූලතා තිබෙන බව කීමෙන් මට හිතුනා කුමන ආකාරයක හෝ වරදක් මෙහි ඇතැයි කියා. “

ෂියා නමින් හඳුන්වන මේ දරුවා තම ජීවිතය දැඩි අවදානමකින් ඇරඹුව ද දැන් සෞඛ්‍ය සම්පන්නව සතුටින් කාලය ගත කරයි.

mother 7 mother 6 mother 4 mother 3 mother 2 mother 1 - Copy

 



අදහස් (0)

යළි උපන් දරුවා

සෑම් Tuesday, 29 July 2014 02:04 PM

යම් අයෙක් මිය ගිය බව වෛද්‍ය වරයෙක් සනාථ කල යුතුයි. එසේ වෛදයවරයා විසින් මරණය සනාථ කරන්නේ ස්වසනය නිරුද්ද වී පැය දෙකකට පසුවයි (අ)

:       0       0

චන්දන Monday, 28 July 2014 11:34 PM

දියණිය, නුඹට ජීවිතය ,සතුට, වාසනාවෙන් පිරි නිරෝගිමත් ජීවිත කාලයක් ප්‍රර්ථනා කරමි (නධී)

:       0       0

උපාලි Tuesday, 29 July 2014 01:50 AM

බොහෝ පුවත් වල සිද්දිය වැදගත් උවත් සිදුවූ රට සහ ප්‍රදේශය නොදමන නිසා එහි අගය අඩුවීමක් ඇත. මෙහිදීද සිදුව ඇත්තේ එයයි. ලංකාදීප මෙය ගැන සලකා බලන්න. (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 29 July 2014 11:11 AM

චන්දන, මේ දියණියක් ගැන නෙමෙයි කියා තියෙන්නේ, පුතෙක් ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 18 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1618 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site