යුද්ධයෙන් අවතැන් වූ මඩකළපුව වැලිකණ්ඩියේ ජනතාව වෙනුවෙන් යුරෝපා සංගමය මැදිහත්වී තනා දුන් නිවාස ප්‍රදානය කිරීම යුරෝපා සංගමයේ ශ්‍රිලංකාව හා මාලදිවයින සදහා නියෝජිත විලී වැන්ඩර්බර්ග්හේ මහතා අතින් පසුගියදා සිදුවිය.
නිවාස ඉදිකිරීමේ කටයුතු සදහා යුරෝපා සංගමය වෙන් කර ඇති මුදල යුරෝ ලක්ෂ 120 කි.ඔස්ට්‍රේලියා රජය හා සංවර්ධනය සදහා ස්විට්සර්ලන්ත ආයතනයද මේ සදහා දායකත්වය සපයා තිබේ.
ඉදිකිරීම් කටයුතු සදහා යොදාගෙන ඇත්තේද නිවාස අපේක්ෂාවෙන් සිටින්නවුන්ගේම කාලය හා ශ්‍රමය වීම විශේෂත්වයකි.මෙමගින් තමන්ගේ නිවාස තමන්ට අවැසි පරිදි නිර්මානය කර ගැනීමේ අවස්ථාව ඔවුනට ලබා දීම අපේක්ෂා කෙරුණේයැයි සදහන්ය.
නිවාස භාරදීමේ කටයුතුත් සමගම යුරෝපා සංගමයේ ආධාර යොදාගෙන සංවර්ධනය කෙරුණු වාරිමාර්ග යෝජනා ක්‍රම කිහිපයක්ද ජනතා අයිතියට පැවැරිණි.මෙම යෝජනා ක්‍රම වලින් වැලිකණ්ඩියේ නැවත පදිංචි කෙරුණු පවුල් 300 කට පමණ සෙත සැළසේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
යුරෝපා සංගමය මඩකලපුවට සෙවන දෙයි