ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්‍රකාශනය ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයට අයිතියක් ඇතැයි එම සංගමයේ ප්‍රධාන විනිසුරුවරයා අද (4) ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින්නීය. යුරෝපා සංගමයේ ප්‍රධාන විනිසුරුවරයාගේ ඉහත දැනුම් දීමත් බ්‍රිතාන්‍යය අගමැතිනියට එරෙහිව නව සටන් පෙරමුණක් නිර්මාණය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව ගිවිසුමක් නොවැම්බර් 25 වැනිදා බ්‍රසල්ස්හිදී අනුමත කරගන්නා ලද අතර එම ගිවිසුම ලබන සතියේදී බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වනු ඇතැයි පැවසේ.
යුරෝපා සංගමයේ ප්‍රධාන විනිසුරුවරයාගේ උපදේශය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳි සිටිය යුතු යැයි පවසන පිරිස ධෛර්යට පත්කරනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
ලබන මාර්තු මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව සමීප ආර්ථික සබඳතා පවත්වාගැනීම පිළිබඳ පළමු දින පහේදී විවාදය පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් 11 වැනිදා මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වේ. පාර්ලිමේන්තුවේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අනුමත කරන ලද ගිවිසුම බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ එය අනුමත කරගැනීමේ අරගලයකට මුහුණ දී සිටින්නීය. අගමැතිනිය ඉදිරිපත් කරන ලද සැලසුමට විරුද්ධවාදීන්ගෙන් මෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සහයෝගය දක්වන පාර්ශවයෙන් ද එක හා සමානව විරෝධතා හා විවේචන එල්ල වී තිබේ.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප්‍රකාශනය ඉවත් කරන්න බ්‍රිතාන්‍යයට අයිතියක් තියෙනවා’