IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන බ්‍රිතාන්‍ය මැතිසබයේදී ඡන්දයක්

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අද (15) ඓතිහාසික ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුමට පසුගිය නොවැම්බර් මාසයේදී යුරෝපා නායකයන්ගේ අනුමැතිය හිමි වුවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බොහෝ පිරිසක් විවිධ හේතූ නිසා ඊට තම විරෝධය පළ කර ඇත. 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ මාර්තු 29 වැනිදාය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඉදිරිපත් කරන ලද යුරෝපා සංගමයේ නායකයන්ගේ අනුමැතිය හිමි වූ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ බොහෝ දෙනා ද සිය විරුද්ධත්වය පළ කර තිබේ.

මේ අතරවාරයේදී අගමැතිනියට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන එන බව විපක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රකාශ කර ඇත. 

අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන් ඡන්ද විමසීමෙන් පසු කුමක් වනු ඇත්දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිති. 

ඡන්ද විමසීමේදී බි්‍රතාන්‍ය අගමැතිනියගේ ගිවිසුම පරාජයට පත් වුවහොත් ඇය අලුත් ගිවිසුමක් ඉදිරිපත් කරන්නේ ද ?, ඇය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද ? බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ ද නැතහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද යන ප්‍රශ්න පැන නැගී තිබේ. 

මේ තත්ත්වය මත එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අගය ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයෙන් පසු පළමු වරට පවුමක අගය ඩොලර් 1.29ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 

 



අදහස් (0)

යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන බ්‍රිතාන්‍ය මැතිසබයේදී ඡන්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site