
යුරෝපා මහද්වීපයේ රටවලින් තුනෙන් එකක් දරුණු නියඟයකට මුහුණ දෙමින් සිටින බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ‘ගෝලීය නියඟ නිරීක්ෂණාගාරයේ’ විද්‍යාඥයන්ය.
එම විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ වසර 500 කට පසුවය. විද්‍යාඥයන් නිකුත් කළ වාර්තාවකට අනුව, යුරෝපා මහද්වීපයෙන් සියයට 47 ක් පස වියළී ගොස් තිබේ. තවත් සියයට 17 ක ප්‍රමාණයක පස වගා කටයුතු සඳහා යෝග්‍ය නොවන තත්ත්වයකට පත් වෙමින් තිබේ.
මේ වනවිට යුරෝපා රටවල අධික වියළි කාලගුණයක් පවතින අතර, අසාමාන්‍ය අයුරින් ළැව් ගිනි පැතිර යයි. පසුගිය කාලයේ ළැව් ගිනි වැඩි වශයෙන් දකින්න ලැබුණේ දකුණු දිග යුරෝපා රටවලිනි.
පසුගිය පස් වසරක කාලය හා සන්සන්දනය කරද්දී, ධාන්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය සියයට 16 කින් ද, සෝයාබෝංචි නිෂ්පාදනය සියයට 15 කින් ද සූර්යකාන්තමල් නිෂ්පාදනය සියයට 12 කින් ද අඩු වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා රටවල දරුණු නියඟයක්